වෙළඳපොළ තුළ පවතින තාවකාලික හිඟය මඟහරවා ගනිමින්, පාරිභෝගිකයන් වෙත අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව LAUGFS ආයතනය නිවේදනය කරයි.
මෑතකදී ඇති වූ මෙම සැපයුම් සීමාකාරී තත්ත්වයට හේතු වී ඇත්තේ හම්බන්තොට පිහිටි මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයෙන් යුත් ගෑස් ආනයන පර්යන්තයේ මෙහෙයුම් කටයුතුවලට එල්ල වූ බාධාවකි. මේ හේතුවෙන් සමාගමේ සාමාන්‍ය ආනයන සැපයුම් දාමයට තාවකාලික බලපෑමක් එල්ල වී තිබේ.
පවතින තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සමාගම මේ වන විටත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා අදාළ රජයේ බලධාරීන් සමඟ එක්ව අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.
පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන් හරහා ගෑස් නැව් සෘජුවම කොළඹ වරාය වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.
දේශීය වෙළඳපොළ ඉල්ලුමට සරිලන පරිදි ගෑස් තොග මේ වන විටත් සුරක්ෂිත කර ඇති අතර, බෙදාහැරීමේ ක්‍රියාවලිය ද විධිමත් කර තිබේ.
මෙම තාවකාලික තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් LAUGFS ගෑස් සමාගම අවධාරණය කරන්නේ, වෙළඳපොළ තුළ අඛණ්ඩව LP ගෑස් සැපයීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බැවින් පාරිභෝගිකයන් අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.

හම්බන්තොට නං පොඩි හනුමාන් අනිවා සම්බන්ධයි. වහාම විමර්ශනයක් පැවැත්විය යුතුයි. ආණ්ඩුවට බලකරමු!
ReplyDeleteහා
Deleteපුක රුදයෙන් කොමිස් ගහලා කොහෙවත් ගෑස් නෑ බල්ලෝ
ReplyDelete