වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවත්, එය දැන් ඉතා පැහැදිලි කාරණයක් බවට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ආණ්ඩුව මත්ද්‍රව්‍ය මර්දනයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසුවද, ආණ්ඩුව තුළම සිටින දේශපාලනඥයන් දිනපතා මෙවැනි වැටලීම්වලදී අසුවන බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම කොළඹ දිසාධිකරණයේ පවතින අවම පහසුකම් පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.
එහි සේවය කරන දහස් ගණනක් සේවකයින්ට මූලික වැසිකිළි පහසුකම් පවා නොමැති වීම නිසා ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත්, යුහුසුළුව එම අඩුපාඩු සකසා දෙන ලෙසත් ඔහු අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වකුෆ් සභාවට සාමාජිකයන් පත් කිරීමේදී බුද්ධි අංශ වාර්තා ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවයි.
රජය පවසන පරිදි එවැනි වාර්තා අවශ්‍ය නොවේ නම්, වහාම නියෝගයක් මගින් එම කොන්දේසිය ඉවත් කරන ලෙස ඔහු අභියෝග කළේය.
එමෙන්ම සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු මෙරට මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බවත්, වරායේ සිරවී ඇති කුරාන් පොත් 1,500ක් පමණ මුදා හැරීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර නොදීම කනගාටුදායක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
විශේෂ මහාධිකරණ පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, නඩු දිනපතා විභාග කිරීම හේතුවෙන් දක්ෂ නීතිඥවරුන්ට එම නඩුවලට පෙනී සිටීමේ තාක්ෂණික ගැටලු මතු වී ඇති බවයි.
එමෙන්ම විනිසුරුවරුන්ගේ උසස්වීම් පටිපාටිය විධිමත් නොවීම හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රය තුළ යම් අර්බුදයක් නිර්මාණය වී ඇති බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම අදහස්වලට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව නඩු දිනපතා විභාග කිරීම සාමාන්‍ය ක්‍රමය බවත්, පාස්කු ප්‍රහාරය වැනි විශාල නඩු ප්‍රමාණයක් පවතින විට යුක්තිය ඉටු කිරීමට නම් එම නඩු කඩිනමින් විභාග කළ යුතු බවත්ය. එමෙන්ම විනිසුරුවරුන්ගේ උසස්වීම් තීරණය කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය

කපුරාල කලබල වෙලා. 🤣
ReplyDeleteහැබැයි?
Deleteපඩංගුවේ මොන නිවුස් එක ආවත් නිවුස් එක ලියන එකා මාතෘකාව තෝර ගන්නේ කලින් ලියලා තියෙන මාතෘකා දහයකින් පහළොවකින් එකක්, ඌට අදාල නෑ නිවුස් එකට මාතෘකාව ගැලපෙනවද නැද්ද කියලා. එකත් එකටම උම්බලකඩ හද හදා හිටපු හපුයියෙක් වෙන්න ඕනේ මාලදිවයිනේ දැන් මේ පඩංගුව කරන්නේ.
ReplyDeleteඔබට කවුරුන්හෝ මේක බලන්ට කියා බලකරනවාද?
Deleteවෙන කරන්ටම වැඩක් නැත්නම් චූ කරලා අනිත් පැත්තට හැරිලා නිදා ගනින් බන්
අපි අවදියෙන්. ඕස්ට්‍රේලියාවේ දැන් වෙලාව උදේ. චූ කර බුදියගත යුත්තේ ඔබයි සහෝ
Deleteඒකට තමයි පුකරුදය කියන්නේ.
ReplyDelete