ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන නායකයෙකුට එල්ල වී ඇති බරපතළ විවේචන හමුවේ රජය දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බවට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර තිබේ. අදාළ පුද්ගලයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් වත්මන් පාලනය කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසය පළුදු වන බව එම මන්ත්‍රීවරුන්ගේ අදහසයි.
එම දේශපාලනඥයාට එරෙහිව ප්‍රධාන වශයෙන් එල්ල වී ඇති දූෂණ චෝදනා රජයේ දේපළ සහ උපකරණ පෞද්ගලික පරිහරණයට ගැනීම අනවශ්‍ය ලෙස වරප්‍රසාද සහ ඉන්ධන දීමනා භුක්ති විඳීම නිලතල අවභාවිත කරමින් කටයුතු කිරීම වැනි ක්‍රියාවන් හේතුවෙන් ජාතික ජන බලවේග රජය සතු සදාචාරාත්මක ගරුත්වය විනාශ වෙමින් පවතින බව මන්ත්‍රීවරු අවධාරණය කරති.
පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු වී බලයට පත් වූ රජයක මෙවැනි සිදුවීම් වාර්තා වීම සුළුකොට තැකිය නොහැකි බව ඔවුන් පෙන්වා දී ඇත.
ගම් මට්ටමේ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයන් නගන ප්‍රශ්න හමුවේ තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද එම නියෝජිතයෝ පවසති.
මෙම අනිසි ක්‍රියාකලාපය නිවැරදි නොකළහොත්, එය ඉදිරි මැතිවරණ ජයග්‍රහණ කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරනු ඇති බවටත්, සමස්ත රජයේ පැවැත්මට එය තර්ජනයක් විය හැකි බවටත් ඔවුහු අනතුරු අඟවා සිටිති.

ආචිරි උපාධිය නැතිව ඇණගෙන ගියපු කෙනාගෙ හිදැස පුරවපු උත්තමය ගැන ද මේ කියන්නෙ.
ReplyDeleteනම කියන්න බැරි නම් අඩුගානේ මොනවට නායකද කියලා හරි කියන්න තිබුණා නේ. අපට නං කවුද කියලා තේරෙනවා, ඒත් ඉන්න අනික් හොරුන්ගෙ හැටියට මෙයා පොඩි හොරෙක්. අනුරාධපුර, මාතර පැතිවල ඉඳන් කෝටි ගණනින් පගාව ගහන හොරු ගැන ටිකක් හොයන්නකො.
ReplyDelete