ශ‍්‍රී ලංකා ගුවන විදේශීය ප‍්‍රහාරක යානාවලට යයි සමාජ ජාල වාර්තා..


ශ්‍රී ලංකා ගුවන් සීමාව තුළ ක්‍රියාත්මක වීම සඳහා විදේශීය හමුදා ජෙට් යානාවලට අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් පදනම් විරහිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුම් දෙයි.

ඉරානය ඉලක්ක කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ හමුදා ප්‍රහාරයන් පිළිබඳ වාර්තා වීමත් සමඟ, මෙරට අහසේ දක්නට ලැබෙන ගුවන් යානා ක්‍රියාකාරිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඒ් සම්බන්ධ විවිධ අදහස් පල විය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දැනට දක්නට ලැබෙන ගුවන් යානා වැඩි වීම සම්පූර්ණයෙන්ම දේශීය වශයෙන් සැලසුම් කරන ලද පෙරහුරු මාලාවක කොටසක් බවයි. මෙම පෙරහුරු පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීවය.

ගුවන් හමුදා 75 වැනි සංවත්සර සැමරුම් වැඩසටහන පහත පරිදි පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන පෙළපාලිය 2026 මාර්තු 02 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වේ.

2026 මාර්තු 06 සිට 08 දක්වා රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී මහජනතාව වෙනුවෙන් පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයේදී ගුවන් සංදර්ශන, නවීන ගුවන් තාක්ෂණික අංග සහ ගුවන් යානා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. එබැවින්, මෙම පෙරහුරු හේතුවෙන් සිදුවන ගුවන් යානා ක්‍රියාකාරිත්වය පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ගුවන් හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Previous Post Next Post