යෝෂිතගේ නඩුවෙන් පලමු විත්තිකාර ඩේසි ආච්චි නිදහස්.. මැණික් මල්ලට උත්තර නෑ..


මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් පවතින්නේද යන්න පිළිබඳව කරුණු විමසීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ගෙන ඇත. අදාළ වෛද්‍ය වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම වෛද්‍ය වාර්තාව මගින් විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බවට වෛද්‍ය නිර්දේශ නිකුත් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පනවා තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කිරීමට නියෝග කරන ලදී.


10 Comments

  1. මේවත් අර උගන්ඩාවේ සල්ලි වගේ තමයි

    ReplyDelete
  2. අනුර ටිල්වින් බිමල් වසන්ත හඳුනෝ තමන්ලටත් අම්මලා තාත්තලා ඉන්නවද?

    ReplyDelete
  3. බොරි චෝදනා දාල කාලකන්නි ජවිපාවුන්. වද වෙන්න ඕන මුන්

    ReplyDelete
  4. බොරි චෝදනා දාල කාලකන්නි ජවිපාවුන්. වද වෙන්න ඕන මුන්

    ReplyDelete
  5. ඔක්කොම යාලුවො

    ReplyDelete
  6. මදෑ ජෙප්න්ගෙ ඒ ආතල් එකත් ඉවරයි.

    ReplyDelete
  7. යෝ යෝ ඇට දෙකෙන් එල්ලනව ඒ උනාට. සැකයක් තියා ගන්න එපා

    ReplyDelete
  8. ඇත්තටම මේ ආච්චි අම්ම පවු.
    කාලකන්නි පවුලක් නිසා මේ මනුස්සය ජිවිතේ අන්තිම කාලේ විදෙව්වා.
    ආණ්ඩුවට බනින මිනිස්සු දකින්නේ නෑ, මේ නීතිය කොච්චර සාධාරණව මානුෂීයව හැසිරෙනවද කියල.

    ඉස්සර නං මහින්ද මිනිහට ඕන තීන්දු නැති වෙනකොට අග විනිසුරොත් පයින් ගහල දොට්ට දැම්මේ. හම්මේ ඇති යන්තං ලංකාව උන්ගෙන් ගැලවුණා පරණ පිනකට

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදීන්ට යට වෙන්නෙ නෑ ශුද්ධ වූ අධිකරණය

      Delete
Previous Post Next Post