බාල ගල් අගුරු වගකීම ගෙනා සමාගමේ.. ඒත් ඔවුන් ඉවත් කලොත් නැවත එන්නේ පෙර සිටි සමාගමයි..

 


බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට සිදුව ඇති රුපියල් බිලියන 7.9 ක සමස්ත පාඩුව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම අදාළ සැපයුම්කාර සමාගම විසින් භාරගත යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි. 

සිරස නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී ඇය අවධාරණය කළේ මෙම පාඩුව කිසිසේත්ම ජනතාව මත පටවන්නේ නැති බවත්, එය එම සමාගමෙන් දඩ මුදලක් ලෙස අය කර ගැනීමට රජය පියවර ගන්නා බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ 2014 වසරේ සිටම විවිධ අවස්ථාවලදී මෙලෙස ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මෙරටට ලැබී ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් පවතින වාර්තාවල යම් ආකාරයක අනිසි මැදිහත්වීමක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බවද ඇය අනාවරණය කළාය.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් වත්මන් රජය ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, මින් පෙර කිසිදු රජයක් යටතේ ලක්විජය බලාගාරයේ වාර්තා හෝ පාඩුව පිළිබඳ මෙවැනි විවෘත වාර්තා නිකුත් නොවූ බවද සඳහන් කළාය. 

රජය කිසිදු සමාගමක් ආරක්ෂා කිරීමට පෙනී නොසිටින අතර, අවශ්‍ය වුවහොත් නීතිමය ආවරණයක් සහිතව අදාළ සමාගම සමඟ පවතින ගිවිසුම් අවසන් කිරීමට වුවද රජය සූදානම් බව ඇය ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත්, වත්මන් සැපයුම්කරුගේ කොන්ත්‍රාත්තුව අවලංගු කළහොත් ඊළඟට එම අවස්ථාව හිමි කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් පිළිබඳවද රජයට යම් සැකයක් පවතින බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය. 

රජයේ සදාචාරාත්මක බලය රැඳී තිබෙන්නේ වංචා හා දූෂණයට එරෙහි වීම මත බවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නිශ්චිත දූෂණයක් හෝ වංචාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියා කරන බවත් ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

රජයේ සදාචාරාත්මක බලය රැඳී තිබෙන්නේ වංචා හා දූෂණයට එරෙහි වීම මත බවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නිශ්චිත වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බවත් ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

7 Comments

  1. Oya gana patta adambarayak thiyenney. Nedokin mey wagey PAPISI thoralama dunnaney rata geniyanna. dannam dakinakotath wamaney yanna enawa ban.

    ReplyDelete
  2. හරි මින්හෙකුට බන්දලා දුන්නනම් මේ ඇත්තිට මෙහෙම වෙන්නේ නෑ .. අඩුම ගානේ කට ගැනද නැතුව ජීවත් වෙයි ...

    ReplyDelete
  3. කට ඇරියොත් මුළු පත පළාතම ගද ගහනවා

    ReplyDelete
  4. ammo ehema vei nam, polkatu aguru dunnath munemma gamu

    ReplyDelete
  5. She is the best arguer in NPP..You all are afraid of her..that is the truth..

    ReplyDelete
    Replies
    1. She is the most shameless liar of papisi gang.Only Kai than can compete with her.

      Delete
    2. ai mama: uganda kumari

      Delete
Previous Post Next Post