හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියගම වනාන්තර පද්ධතියේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සහ එහි අවිධිමත් ලෙස බැහැර කර ඇති කසළ ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 20දා පැවැත්විණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා රජයේ ආයතන, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ ස්වේච්ඡා සංවිධාන රැසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, 'පිරිසිදු ශ්‍රී ලංකා' (Clean Sri Lanka) ලේකම් කාර්යාලයේ නියෝජිතයින් මෙන්ම පරිසර සහ තරුණ සංවිධාන රැසක් ද එක්ව සිටියහ.
විශේෂයෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයේ (Leo Club) සාමාජිකයින් සහ උද්භිද විද්‍යා පීඨයේ (Botanical Faculty) ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මහාචාර්යවරුන් ද මෙහිදී ක්‍රියාකාරීව දායකත්වය දැක්වූහ.
දියගම වනාන්තරය තුළ සිදු කළ පිරිසිදු කිරීමේ කටයුතු වලට අමතරව, එහි ස්වභාවික වනාන්තර ලක්ෂණ ආරක්ෂා වන පරිදි රුක් රෝපණය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ දියගම ක්‍රීඩා සංකීර්ණය අවට ඇති මෙම වනාන්තර පද්ධතිය ප්‍රදේශයේ පවතින ඉතා වැදගත් පරිසර කලාපයක් බවයි. මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව Eco Tourism ප්‍රර්වධනය කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සංවර්ධන කටයුතු වලදී පරිසරයට හානි වීමට ඉඩ නොතබන බවත්, මෙම කලාපය පිරිසිදුව තබා ගැනීම සඳහා ඉදිරියේදී ආරක්ෂිත වැටවල් ඉදිකිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
පාසල් දරුවන් විශාල පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන අවසානයේදී, දියගම වනාන්තරයේ ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
