නාමලුත් ගෑස් ඉල්ලයි..

 


පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වන බව පෙන්වා දෙන ඒ මහතා, ඊට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන ලෙස යෝජනා කර සිටී.

හම්බන්තොට පිහිටි මෙම ගෑස් පර්යන්තය මගින් සාමාන්‍යයෙන් සිදු කරනුයේ ගෑස් ප්‍රතිඅපනයනය කිරීම වුවද, පවතින හදිසි තත්ත්වය සලකා බලා එම ප්‍රතිපත්තිය තාවකාලිකව වෙනස් කොට දේශීය පාරිභෝගිකයාට සහනයක් සැලසීමට පියවර ගත යුතු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය රජය සමයේ නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්වූ බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ මහතා, වත්මන් පාලකයින් එවැනි තත්ත්වයක් යළි ඇති වීමට ඉඩ නොතබා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ද අවධාරණය කළේය.

1 Comments

  1. ජෙප්පො නිසා දැන් ගෑස්වත් නෑ. ඔබතුමාගෙ බාප්පා ආණ්ඩුව කරද්දදි ගෑස් පිපිරුවා, මිනිස්සු ගෑස් ගත්තෙ බයෙන්. එහෙම ගන්නත් ගෑස් තිබ්බෙ නෑ, දවස් ගනන් ගෑස් ගන්න පෝලිම. ඒත් මොනවා වුනත් ඒ මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක්නෙ. කමක් නෑ. අපිට ජෙප්පො තමයි සෙට් නැත්තෙ.

    ReplyDelete
Previous Post Next Post