ජයසූරිය ඉල්ලා අස්වෙයි.. ලෝක කුසලාන ගමන අදින් නිමයි...

 


මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස ඉවතට විසිවීමත් සමඟ, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය වන අද (28) පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ඔහු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අවසන් අවස්ථාව වනු ඇත.

ඔහු මෙලෙස සමුගැනීමට තීරණය කර ඇත්තේ කණ්ඩායම ලැබූ පසුබෑම හමුවේ දැඩි කණගාටුවෙන් බවත් පැවසෙයි.

2023 වසරේ දෙසැම්බර් මාසයේදී සහාය උපදේශක ලෙස සිය සේවය ආරම්භ කළ ජයසූරිය මහතා, 2024 ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය.

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵලය කුමක් වුවද, ඉන් අනතුරුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු වසර මුලදීම දන්වා තිබූ බව ද දැනගන්නට ඇත.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ක්‍රීඩා ලෝලීන් විශාල බලාපොරොත්තුවක් තබා සිටියහ.

කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද, අවසානයේ එම බලාපොරොත්තුව ගිලිහී ගියේය.

4 Comments

  1. වැඩක් උනෙත් නෑනේ.

    ReplyDelete
  2. සනත් උඹ වැරදියි. මුල ඉඳලම උඹ දැනගෙන හිටියා ශම්මිගේ පාලනයක් එක්ක කවදාවත් දක්ශ උන් ක්‍රිකට් වලට ගන්න වෙන්නෙ නෑ, ගත්තොත් කුරුස පකයෙක් තමයි කියලා.
    උඹ එහෙම දැනගෙනත් ඔය තනතුර ගත්තට හොඳම වැඩේ.....

    ඒ වුනාට උඹට එහෙම වුන එක ගැන අපිට කියන්න බැරි තරම් දුකයි බං.

    ReplyDelete
    Replies
    1. සිරා කතාව මචං. අපරාදේ සනත් නිකන් පීචන් වුනා. මුත්තයියා වගේ පරිපාලනේ ඉන්නේ සත්තු කියල තේරුම් ගත්තනම් මූට මෙහෙම වෙන්නෙ නෑ බං.

      Delete
  3. අඩේ සනා මහත්තයෙක් වගේ අස් වෙලා ගියා. අර ශම්මි කියන පාහරයයි, ක්ලබ් ක්‍රිකට් ක්‍රමෙයි තියෙනකන් කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
Previous Post Next Post