රත්න සහල් ව්‍යාපාරයේ අධිපති, ප්රමුඛ පෙළේ කෘෂි ව්‍යවසායක මිත්‍රපාල ලංකේශ්වර මහතා සිය වාණිජ මෙහෙයුම් වෙනුවෙන් පෞද්ගලික ජෙට් යානයක් මිළදී ගැනීමට පියවර ගනිමින් සිටී. මිළදී ගැනීමට අපේක්ෂිත මෙම කුඩා ප්‍රමාණයේ යානය, ආසන 6ක් හෝ 7කින් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.
මෙම ආයෝජනය හුදෙක් සුඛෝපභෝගී භාණ්ඩයක් සන්තක කරගැනීමට වඩා, ව්‍යාපාරික විධායකයින්ගේ වටිනා කාලය ඉතිරි කරගැනීම සඳහා ගත් තීරණයක් බව ලංකේශ්වර මහතා පෙන්වා දෙයි.
මෙම පහසුකම තමන්ගේ ප්‍රයෝජනයට පමණක් සීමා නොකර, කාර්යබහුල ගමන් අවශ්‍යතා සහිත අනෙකුත් ව්‍යාපාරික ප්‍රධානීන්ට ද විවෘත කිරීමට ඒ මහතා සූදානමින් සිටී.
මෑතකදී නිමාව දුටු සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට සහභාගී වූ ලංකේශ්වර මහතා ඇතුළු නියෝජිත පිරිස, සිය දේශීය ගුවන් මෙහෙයුම් පුළුල් කිරීම වෙනුවෙන් බෙල් හෙලිකොප්ටර් සමාගම සමඟ ද අදහස් හුවමාරු කරගෙන තිබේ.
එහිදී 'බෙල් 505' මාදිලියේ හෙලිකොප්ටර් යානාවල කාර්ය සාධනය සහ ශ්‍රී ලංකාවේ භූගෝලීය තත්ත්වයන්ට ඒවායේ ඇති ගැළපීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
මෙම සාකච්ඡා සඳහා බෙල් සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත ආයතනය වන සෙයිලෝන් ඒරොනොටිකල් සර්විසස් ආයතනයේ ද සහයෝගය හිමිව ඇත. රත්න ඒවියේෂන් ආයතනය හරහා දැනටමත් රොබින්සන් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් වාණිජ සේවා සඳහා යොදවා ඇති අතර, නව ජෙට් සහ හෙලිකොප්ටර් යානා එක්වීමත් සමඟ ඔවුන්ගේ ගුවන් සේවා ජාලය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

Congratulations 👏
ReplyDeleteLankawe part time benadu moda goviyo hinda munata hoday
ReplyDeleteඅනේ ඔය ජනාධිපති තුමා වටේ ඉන්න කවුරුහරි එතුමා මේසෙට හයියෙන් ගහන එක නවත්තන්ඩ... කරුනාකරල නවත්තන්ඩ....
ReplyDeleteNice work! Congratulations!
ReplyDeleteලංකාවේ දියුණු වෙන ව්‍යාපාරික මහත්තුරු දකින එකත් ලොකු දෙයක්. තව ඉස්සරහට තව තවත් මේ වගේ ව්‍යවසායකයන් බිහි වෙනවා. සුපිරි.