බලපත‍්‍ර නැතිව රිය පැදවූ බීමත් භික්‍ෂුවක් රිය අනතුරක..


මහනුවර - අම්පිටිය මාර්ගයේ පොල් වංගුව ප්‍රදේශයේදී වෑන් රථයකින් යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇතිපොළ දේවරක්ඛිත නමැති හිමිනමකට රුපියල් 67,500ක දඩයක් ගෙවන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය. 

මත්පැන් පානය කර බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනා මත මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් මෙම හිමිනම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

මෙහිදී පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ හිමිනම පැදවූ රථය යතුරුපැදිකරුවෙකු අනතුරට පත්කර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ දඩ මුදල නියම කළේය.

1 Comments

  1. ඇතිපොළ නෙමේ ඇතිබොල බිව්වා.😂

    ගිලන්පස වේල වෙන්ඩැති.

    ReplyDelete
Previous Post Next Post