තත්වය හොද නෑ.. ගල් අගුරු නැවු හයක් හදිසි මිලදී ගැනීම්වලට අනුමැතිය..

 


හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සඳහා දැනට ලියාපදිංචි වී සිටින සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවීමට ලංකා ගල් අඟුරු සමාගම පියවර ගෙන ඇත.

බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරියේදී බලශක්ති අර්බුදයක් ඇතිවීම වැළැක්වීමේ පූර්ව සූදානමක් ලෙස මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන්ම මෙරටට මෑතකදී ගෙන්වන ලද ගල් අඟුරු නැව්ගත කිරීම් කිහිපයක් මූලික තත්ත්ව පරීක්ෂාවලින් අසමත් වීම හේතුවෙන්, අවශ්‍යතාවක් මතු වූ සැනින් කඩිනමින් ගල් අඟුරු ලබාගැනීම මෙහි අරමුණයි.

මින් පෙර ඉන්දියාවේ ප්‍රසිඩන්ට් චෙම්පර් (President Chamber) සමාගම වෙත ලබා දී තිබූ ටෙන්ඩරය යටතේ මෙරටට ලැබුණු ගල් අඟුරු තොගවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතු වී තිබේ. ලක්විජය බලාගාරයේ දත්තවලට අනුව, දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද මෙම ගල් අඟුරු දහනය කිරීමේදී නිකුත් වන තාප ප්‍රමාණය විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බව අනාවරණය වී ඇත.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, මෙරටට පැමිණි නැව් 10ක් අතුරින් නැව් හයක පරීක්ෂණ වාර්තා ලැබී ඇති බවයි. එම නැව්වල අඩංගු වූ ගල් අඟුරුවල තාප ධාරිතාව නියමිත ප්‍රමිතියට (කිලෝ ග්‍රෑමයට කිලෝ කැලරි 5,900) වඩා අඩුවීම හේතුවෙන් අදාළ සමාගමෙන් දඩ මුදල් අය කිරීමට පියවර ගෙන ඇත.

අය කර ඇති දඩ මුදල් මෙසේය:

  • පළමු නැව සඳහා ඩොලර් මිලියන 2.07.
  • දෙවන නැව සඳහා ඩොලර් 436,001.
  • තෙවන නැව සඳහා ඩොලර් 484,929.
  • සිව්වන නැව සඳහා ඩොලර් 345,652.
  • පස්වන නැව සඳහා ඩොලර් 500,192.
  • හයවන නැව සඳහා ඩොලර් 510,677.

අදාළ ටෙන්ඩරය ලබාදීමේදී රෙගුලාසි උල්ලංඝනය කරමින් දූෂිත ක්‍රියාවන් සිදුව ඇති බවට එල්ල වන චෝදනා සහ සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට මේ වන විටත් කමිටුවක් පත් කර තිබේ. කෙසේ වෙතත්, අවශ්‍යතාවක් මතු වුවහොත් එළඹෙන අප්‍රේල් මාසයට පෙර මෙම නව ගල් අඟුරු තොගය මිලදී ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


9 Comments

  1. our country's biggest tender

    ReplyDelete
    Replies
    1. This is not the biggest tender, This is the biggest scam in Sri Lankan history. Rs 18 Billion.
      Even bigger than Bond Scam by Yahapalanaya.

      Delete
  2. genapu gal anguru hondainam ewageprashnayak naththan ai me hadissi miladi ganeem walata yanne.hadissi miladi ganeem karala muhuda ralu unama ena me nauwali gal anguru baanakota wena wastage eka ethakota kohenda cover wenne.eke paduwata mokada karanne..

    ReplyDelete
    Replies
    1. මාලිමාව කොමිස් ගහන්න ඕන නැද්දො...February 28, 2026 at 11:28 AM

      හදිසි මිලදී ගැනීම් කියන්නේ කොමිස් උල්පතක්නෙ යකො. ගල් අඟුරු සමාගමට කියනවා මට මෙච්චරක් ඕන කියලා.
      එතකොට ගල් අඟුරු සමාගම ඒ කොමිස් ගානත් එක්ක තමයි රජයට දැනුම් දෙන්නෙ.

      Delete
  3. වෙච්ච හානිය එක්ක දඩ ගහලා වැඩක් නෑනේ. උත්පාදනය වෙච්ච විදුලි ප්‍රමාණ ඉතාම අඩුයි, බලාගාරයේ ටර්බයින වලට වෙච්ච හානිය? දඩ ගහලත් ගල් අඟුරු වල පාඩුව වත් පියවිලා නැහැ. අදාල නිර්නායක අනුව මේ තරම් අඩු ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු අඩු ගානේ බාන්නෙ වත් නැහැ. ඇත්තෙන්ම නීතියට අනුව බාන්නවත් බැහැ. ඒත් මුන් ගල් අඟුරු නැව් 9ක් බෑවා. 9ම ප්‍රමිතියෙන් ඉතාමත්ම බාලයි.

    ReplyDelete
    Replies
    1. ඔය තව පටන් ගත්තා විතරයි. තව ටික දවසකින් ඔය බලාගාරේ කැඩිල යනවා. මොකද බාල ගල් අඟුරු නිසා ටර්බයින් කෙලවෙලා තියෙන්නෙ. අන්න එතකොට හදිසි විදුලි මිලදී ගැනීම් කරනවා ඩීසල් බලාගාර වලින්. යුනිට් එකක් 85 ඉඳන් 101 දක්වා. ඕවා ඔක්කොම ප්ලෑන් කරලා කරපු වැඩ. මෙහෙම වෙනවා කියලා විපක්ශේ කියන්නේ දැන් මාස 4කට කලින් ඉඳලා.

      Delete
    2. ඔව් සේදිරිස් ගොය්යො, මුන්ට සාමාන්‍ය මිනිස්සු ගහපු සෝලාර් සිස්ටම් වල යුනිට් එකකට රුපියල් 27 දෙන්නත් බෑ කියලා ඒක 17 කරා. හැබැයි ඩීසල් බලාගාර වලින් 101ට ගන්න පුලුවන්. ඇත්තමයි මේ ජෙප්පොන්ට නෙමේ, උන්ට ඡන්දෙ දීපු උන්ට හෙන ගහන්න ඕන.

      Delete
    3. දැන්ම ඉටිපන්දන් ටිකක් අරන් තියා ගන්න ඕන. නැත්තන් තව මාසෙකින් විතර කඩවලින් ඉටි පන්දම් හොයන්න වත් හම්බෙන්නෙ නෑ ලයිට් කපන්න ගත්තම.

      Delete
  4. අය කර ඇති දඩ මුදල් DA BALABOROTHTHUWENA MUDALADA

    ReplyDelete
Previous Post Next Post