මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ක්‍රියාවලිය තුළ පාතාල කල්ලි සමඟ ගැටුම් ඇති කර ගැනීමට රජය බලාපොරොත්තු නොවන නමුත්, රජය ඔවුන්ට කිසිසේත් බිය නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පෙර වසරවලට වඩා ඉතා සාර්ථක ලෙස පොලිසිය මෙහෙයවමින් මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කර ඇති බවත්, මේ වන විට මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 281,320 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවත් ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා දේශීය හෝ විදේශීය පුද්ගලයන් සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ නඩු පැවරිය හැකිද යන්න පිළිබඳව පැවති නීතිමය අපැහැදිලි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, රජය විසින් තීරණාත්මක පියවරක් ගෙන ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, පවත්නා නීතිමය බාධා ඉවත් කරමින් අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ සංශෝධිත පණත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
"අපි ඉතාම සාර්ථක ලෙස මත්ද්‍රව්‍ය නැවැත්වීම සඳහා පාතාලය සමග ගැටුම් ඇති කරගන්න යන්නේ නැහැ. නමුත් අපි ඔවුන්ට බය ඉන්නෙත් නැහැ" යනුවෙන් අධිකරණ ඇමතිවරයා අවධාරණය කළේය
"උසාවි විනිසුරුවන්ට පඩි ගන්න, නීතිඥවරුන්ට හම්බකරන්න නෙමේ. උසාවි තියෙන්නේ කාලය, මුදල් නාස්ති නොකර නඩු අවසන් කරන්න. අධිකරණවල නඩු ලක්ෂ 11ක් පමණ තියෙනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට දිනය ලැබුණේ අවුරුද්ද පැනලා. අලුත් අගවිනිසුරු යටතේ නඩු ඉවරවෙන ප්‍රමාණය වැඩියි. අපි අලුතින් අධිකරණ හදනවා. පාස්කු නඩුවට සහ අල්ලස් නඩුවලට වෙනම උසාවි තියෙනවා. තව උසාවි 07ක් ඉදිරියේදී ස්ථාපිත කරනවා.
නඩුවලට පෙනී සිටීම නිසා නීතිඥ ප්‍රජාවම අනතුරේ වැටිලා නැහැ. මමත් අවුරුදු 25ක් අපරාධ නඩු මෙහෙයවූවා. අපරාධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. අකුරේගොඩ සිදුවීමට අනිවාර්යයෙන් යුක්තිය ඉටුවිය යුතුයි. නීතිඥ ප්‍රජාවම අනතුරේ කියන එක විපක්ෂය හදපු මතයක්.
අපේ බන්ධනාගාර ධාරිතාව 10,500යි. දැනට 39,000ක් ඉන්නවා. වැරදිකරුවන් නොවූ කොටසයි ගැටලුව. වැරදිකරුවන් නොවූ සැකකරුවන් 28,000ක් ඉන්නවා. එතනිනුත් 20,000ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය. පිළිතුර බන්ධනාගාර තුළ සෙනඟ අඩු කිරීම. විනිසුරු යසන්ත කෝදාගොඩ යටතේ අලුත් පනතක් ගේන්න වැඩකරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ හරහා සෙනඟ අඩු කරන්න පුළුවන්. මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරගතවූවන්ට. දඬුවම් අඩුවීමේ ක්‍රමවේදයක් නැහැ. විනිසුරු තුරෙයි රාජා යටතේ කමිටුවක් පත්කළා. දීර්ඝකාලීනව සිරගතව සිටින්නන් දඬුවම් අඩුවීමේ ක්‍රමයක් හදනවා"

vatagalata baravenna ahanawa , me uththamaya pathale ekka sanhindiyava,,,, ane please kiyan me kage kamatha.....
ReplyDeletearagala Dan sapada?????????????