අඹුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දැනට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සහ දැඩි කතාබහට ලක්ව ඇති කේබල් කාර් ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඊයේ (05) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෑතකදී බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ පාරිසරික හා ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින්, අඹුළුවාව ප්‍රදේශයේ ක්‍රියාත්මක කේබල් කාර් ව්‍යාපෘතිය ඇතුළු ඉදිකිරීම් කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. මෙම සංචාරය සිදු කෙරුණේ එම පසුබිම තුළය.
මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අදාළ භූමියේ සංවර්ධන කටයුතුවලට බාධා පමුණුවන ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ ඉඩම් මැනුම් කටයුතුවල පවතින ප්‍රමාදය බවයි. හෙක්ටයාර 95ක පමණ භූමි ප්‍රමාණයක් මැනුම් කිරීමට අදාළව පවතින නීතිමය ආරවුල් සහ 2021 වසරේ සිට ප්‍රතිපාදන හා ක්‍රියාපටිපාටිමය ගැටලු හේතුවෙන් නිසි මැනුම් කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇති බව මෙහිදී අනාවරණය විය.
"නිසි මැනුම් කටයුතු සිදු කර සීමා නිර්ණය කිරීමකින් තොරව මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා නොහැකියි. රජය මැදිහත් වී ඉදිකිරීම් තාවකාලිකව නතර කළේ ආයෝජන කඩාකප්පල් කිරීමට හෝ ව්‍යාපෘතියේ වැරදි සෙවීමට නොව, සියලු පියවර නීත්‍යානුකූලව සහ නිවැරදිව සිදුවන බව තහවුරු කිරීමටයි. පාරිසරික හානියක් සිදු නොවන බව තහවුරු වුවහොත් පමණක් කේබල් කාර් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අවසර දෙනවා."
මේ සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවද අමාත්‍යවරයා සහතික විය.

NATTA KUPE
ReplyDeleteRajapakshala ge pissu weda nisa ayaojakayath amaruwe
ReplyDeleteමේ පුවුත්තිය හොදට කියවපන් ඔහේ කොටන්නේ නැතුව හැමදේටම රාජපක්ෂ කියන්නේ නැතුව. උඛත් කන්නාඩියක් ලගට ගිහිල්ලා ඛලඵන් උඛත් රාජපක්ෂගෙද කියලා
Delete