ඖෂධ නියාමන අධිකාරිය වර්තමාන සභාපතිවරයාගේ පාලනය යටතේ ඖෂධ නියාමන අධිකාරී ඉතා දුර්වල පරිපාලනයක් පෙන්නුම් කරන බවත් පසුගියදා ඉන්දියානු ඖෂධ නිසා මියගිය රෝගීන් සම්බන්ධ වන අවසාන වාර්තා සැඟවීමට වර්තමාන නියාමන අධිකාරී සභාපතිවරයා කටයුතු කරන බවට බරපතළ සැකයක් ඇති බැවින් ද රට පුරා බාහිර ෆාමසිවල අලෙවි කරන නියාමනාධිකාරිය අනුමැතිය නොමැති ඖෂධ සම්බන්ධවද කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙසද ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී
මුජිබර් රහුමාන් මහතා ඖෂධ නියාමන අධිකාරියට පැමිණිල්ලක් භාර දෙන ලැබීය.
ඖෂධ නියාමන අධිකාරී දත්ත වංචාවය අවදියේ සිටම ආයතනය තුළ සේවය කරන වර්තමාන සභාපතිවරයා ඇතුළු නිලධාරීන් වැඩි ප්‍රමාණයක් අදාළ වංචාවේද තොරතුරු සැඟවීමට කටයුතු කළ බවත් මේ වන විට ඖෂධ මිල පාලනය බිඳ වැටීම නිසා ඖෂධ කාණ්ඩ හයිසීයකට ආසන්න ප්‍රමාණයක් මෙරට ගෙන්වීමේදී දුෂ්කරතා ඉස්මතුව ඇති බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුවල සේවය කරන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් හා මහාචාර්යවරුන් ඖෂධ සමාගම් සමග සෘජුව ගනුදෙනු කරන බවත් එවන් තත්ත්වයක් යටතේ මිල පාලන ගැසට්ටු හෝ ඖෂධ මිල පාලන කමිටුව ගැන හෝ විශ්වාසයක් තැබිය නොහැකි බවද සඳහන් කළේය.
මුල්ලෙරියාව ජාතික සෞඛ්‍ය ආයතනයේ දී වමනේ සහ ඕකාරයට ලබා දෙන ඔන්ඩස්ට්‍රෝන ඖෂධය ලබාදීමෙන් අනතුරුව රෝගීන් දෙදෙනෙකු මිය ගිය අතර එම සිදුවීම සිදුවී දැන් මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් අදාළ ඉන්දියානු අවශ්‍යද සම්බන්ධව නිශ්චිත වශයෙන් වාර්තා තහවුරු කිරීමට රජය අසමත් වීම සැකයට කරුණක් බවද මෙහිදී වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
රට තුළ ආර්ථික අර්බුදයක් නැතැයි පවසන රජය , වෛද්‍යවරුන් ඇතුළු මධ්‍යම පාන්තික වෘත්තිය වේදීන්ගේ වැටුප් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවධානයට ලක් නොකිරීම කනගාටුවට කරුණක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අද වන විට ඖෂධ නියාමන අධිකාරිය දුර්වලතා නිසා ඖෂධ නියාමනය සැපයීම සහ බෙදා හැරීම බරපතළ අභියෝගයට ලක්ව ඇති බවත් ඖෂධවල මිල අඩු කරන බවට ප්‍රකාශ කළද එවන් මිල අඩු කළ ඖෂධ රජයේ ප්‍රසම්පාදනය යටතේ මිලදී ගැනීමට රාජයා ඖෂධ සංස්ථාව අසමත්ව ඇති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
