ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ෂානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා වෙත පවරා තිබේ.
පක්ෂයේ මහලේකම් එම්. ඒ. සුමන්තිරන් සහ සභාපති සී. වී. කේ. සිවඥානම් යන මහත්වරුන් විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තු බලධාරීන් දැනුවත් කර ඇත.
මෙම නව පත්කිරීම සිදුවූයේ මීට පෙර එම ධුරය හෙබවූ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමඟය.
වාර්තා වන අන්දමට, මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පක්ෂයේ පොදු එකඟතාවන්ගෙන් බැහැරව කටයුතු කිරීමයි.
පක්ෂයේ මූලධර්ම හා ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් නායකත්වයේ විශ්වාසය පළුදු වීම මත මෙම සංශෝධනය සිදුකර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

උන් ඔක්කොම කොටි මල්ලී.
ReplyDeleteඑතකොට අර්චුනා සර්? එයා අපේ නීතිය හා සාමය ඇමැතිතුමා නේද නාමල් මහත්තයා ගෙ ආණ්ඩුවේ?
Delete