ශ්
රී ලංකාව නිදහස ලබා වසර 78ක් ගතවී ඇතත්, එදා අප දුටු සැබෑ නිදහස පිළිබඳ සිහිනය සම්පූර්ණ කර ගැනීමට මෙතෙක් අප අසමත්ව සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
නිදහස් දින සැමරුම් දේවමෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
ආගමික නායකයන්ට කරන පරිභවය මෙහිදී විශේෂ අදහස් දැක්වීමක් සිදුකළ කාදිනල් හිමිපාණන්, මෑත කාලීනව රටේ පාලකයින් සහ මැති ඇමතිවරුන් ආගමික නායකත්වය සම්බන්ධයෙන් දක්වන ආකල්පය දැඩි විවේචනයට ලක් කළහ. "ඇතැම් රජයේ ඇමතිවරුන් පවා ආගමික නායකත්වය පරිභවයට ලක් කරමින් කරන ප්‍රකාශ අප විසින් හෙළා දැකිය යුතුයි" යනුවෙන් පැවසූ උන්වහන්සේ, රටේ පොදු ප්‍රශ්න හමුවේ ආගමික නායකයින්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති පිරිසක් ලෙස සැලකීමේ තියුණු ප්‍රවණතාවයක් පවතින බවද පෙන්වා දුන්හ.
නිදහස ලැබූ අවධියේ විදේශීය නායකත්වය ඉවත් කර මෙරට පාලනය දේශීය නායකත්වයට පැවරුණද, විදේශීය නීති රීති, සම්ප්‍රදායන් සහ ආර්ථික ගමන් මග එලෙසම ක්‍රියාත්මක වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ. "එදා අපි සෑම දේකින්ම පාහේ ස්වයංපෝෂිතව සිටියත්, අද අපි ඇල්පෙනෙත්තක සිට නැවක් දක්වා සියල්ල පිටරටින් ගෙන්වීමේ පිළිවෙතකට පත්ව තිබෙනවා" යැයි පැවසූ උන්වහන්සේ, නිදහස් වෙළඳ ආර්ථිකය හා ගෝලීයකරණය සැහැසී අයුරින් ඇතුල් කිරීම තුළ දේශීය නිෂ්පාදන ආර්ථිකය සහමුලින්ම බිඳවැටී ඇති බව ප්‍රකාශ කළහ.
ලංකාවේ සභ්‍යත්වය සහ විනය ගොඩනැගී ඇත්තේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් හඳුන්වා දුන් බුදුදහම සහ අනෙකුත් ආගමික වටිනාකම් මත බව සිහිපත් කළ අගරදගුරුතුමන්, එම ආගමික උරුමයන්ට ගරු කිරීම පාලකයන්ගේ වගකීමක් බව පැවසූහ. යුරෝපීය රටවල් ආගම ධර්මය පහත් කරමින්, ආගමක් නැති ශිෂ්ඨාචාරයක් ගොඩනැගීමට උත්සාහ කිරීම නිසා අද එම සමාජයන් දැඩි ලෙස පිරිහී ඇති බවත්, එවැනි විනාශකාරී මාවතක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම අනුවණකමක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
වර්තමානයේ රට පවතින ණය බර සහ ආර්ථික අසහනකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, දේශපාලන නායකයින් කොපමණ පොරොන්දු දුන්නද ජනතාව තවමත් සිටින්නේ ඉතා අවදානම් අඩියක බවයි. තරුණ පරපුර ධන තෘෂ්ණාව තුළ සිරවී සදාචාරාත්මක පරිහානියකට ලක්වීමත්, ජනානුපාතයේ සිදුවන වෙනස්කම් නිසා අනාගතයේදී ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ පෙරනිමිති පළවීමත් පිළිබඳව උන්වහන්සේ අනතුරු ඇඟවූහ.
අවසාන වශයෙන්, අපේ සංස්කෘතියට හා සභ්‍යත්වයට නොගැලපෙන චින්තනයක් වෙනුවට, ආගමික වටිනාකම් රටේ ප්රගතියේ මිනුම්දණ්ඩ කර ගන්නේ නම් මීට වඩා හොඳ රටක් නිර්මාණය කළ හැකි බව කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ

යන්නේ 🐕ගේ පාරේ අගරදගුරුතුමෝ.
ReplyDeleteදෙපිටකාට්ටු මැල්කම් දැන් මහ මොලකරූ හොයලා ඉවරද.
ReplyDeleteරාජපක්ෂලා වෙනුවෙන් සහරාන්ල බෝම්බ පුපුරවාගත්තා කියු කෙනානේදමේ?
ReplyDeleteසිවුරු හොරුන්ගෙන් බුද්ධාගම රැකගමු!
ReplyDeleteහැමදාම හැම කෙනාම රවට්ටන්න බෑ කියලා ජෙප්පො දැන්වත් තේරුම් ගන්න ඕන. දැන් ආයෙ 3%ට බැහැලා ඇති.
ReplyDeleteමෙහෙම අසාර්තක ආන්ඩුවක් ගේන්නනේ ඔබතුමා කටයුතු කරේ දැන දැන.දැන් අඩලා වැඩක් නෑ. කිම් ජොන් උන් පන්නයේ ආන්ඩුවකට අර අදින්නෙ
ReplyDeleteඈයි යුද්දේ නෑවෑත්තුවේ...මේවා තමා තොපිට ලෑබෙන දඩුවම් ....කොටි හිතවාදීන් උද්ගෝශන කරනකොට ජෙප්පොන්ගේ ආන්ඩුව හොදන්ට ඈහුම්කන් දෙනවා....සින්හල බෞද්දයා පාරට බෑස්සොත් කූඩුවේ ..තුහ්හ් නොදකින් මෑල්කම් සුද්දගේ හුරතලා ...
ReplyDelete