ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඉලක්ක මේ වන විටත් සපුරා ඇති බැවින්, මූල්‍ය අරමුදලේ ඉදිරි ණය වාරිකය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු සඳහන් කළේ අදාළ සමාලෝචන කටයුතු ඉදිරියේදී ඉතා සුමටව සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී ඇති බවයි.
විශේෂයෙන්ම රාජ්‍ය ආදායම එකතු කර ගැනීමේ ඉලක්ක අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් පවතින බවත්, මූල්‍ය විනය සහ අදාළ සංඛ්‍යාත්මක නිර්ණායක නිසි පරිදි ඉටු කිරීමට රජය සමත් වී ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලොව සියලු රටවලට සමාන තීරුබදු පැනවීමට පියවර ගැනීම, මෙරට අපනයනකරුවන්ට සිය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ලැබුණු කදිම අවස්ථාවක් ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා හඳුන්වා දුන්නේය.
එමඟින් මීට පෙර පැවැති තරඟකාරී තත්ත්වයට කිසිදු හානියක් සිදුව නොමැති බවත්, නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම හරහා නව වෙළඳපොළ අවස්ථා දිනා ගැනීමට අපනයනකරුවන්ට හැකි වනු ඇති බවත් ඔහු පැවසීය.
අපනයන ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමට රජය නිරන්තරයෙන් ඔවුන් සමඟ සාකච්ඡා පවත්වන බවත්, තාක්ෂණික පහසුකම් සැපයීම සහ බදු හෝ වෙනත් ගාස්තු ගෙවීමේදී ඇති වන ප්‍රමාදයන් අවම කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය

Nagita pan eli wela
ReplyDeleteJada Modi ya lanka we factory okko ma Indiya wata adina wa Heta anid da ta Lanka wen US yawan na wen ne umbala ge pacha factory ye badu thamai
ඇත්තටම උඹල ජේවීපීද?, පව් බන් උඹල.
ReplyDeleteboru kiyana kata gada horacharya
ReplyDelete