ජනාධිපති කාර්ය මණ්ඩලයට මාලිමා මන්ත‍්‍රී පුත‍්‍රයෙක්..

 


ජනාධිපති අනුර දිසානායක මහතාගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහත් මහතාගේ පුත්‍රයා කටයුතු කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

මෑතකදී පැවති ධීවර විරෝධතාවයේදී ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා ජනාධිපති කාර්යාලයට ඇමතුමක් ලබා දුන් බවත් එහිදී එම ඇමතුම ලබා ගත්තේ ගලප්පත්ති මන්ත්‍රීවරයාගේ පුත්‍රයා බවත් හෙතෙම පැවසීය.

එදින පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බව පැවසුවත් අද වනතුරු එවන් සාකච්ඡාවක් ලබා නොදුන්නේ යයිද ඒ මහතා කියා සිටියේය.

හම්බන්තොට ප්‍රදේශයේදී පැවති සමඟි ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

10 Comments

  1. Replies
    1. පවුල් සංග්‍රහය ඉවරයි.

      Delete
    2. Boruwak ne yako aru kiyala thiyenne

      Delete
    3. මුං බොරු නේ කිව්වෙ ඡන්දෙට ඉස්සෙල්ලා

      Delete
  2. කතානායක වගේ, අගමැති වගේ ගල් ආප්ප කේස් එකක් නොවුනොත් ඇති.

    ReplyDelete
  3. හැබැයි මුන් ආවෙ නම්
    🤣 පවුලෙ අයට තනතුරු දෙන්නෙ නෑ,
    🤣 සුදුසුකම් තියෙන අයට තැන දෙනව, පක්ශ පාට බලන්නෙ නෑ,
    🤣 VIP වෙන්නෙ ඇම්බියුලන්ස් විතරයි,
    🤣 ආරක්ශාව ගන්නෙ නෑ,
    🤣 බස් එකේ කෝච්චියේ පාර්ලිමේන්තු යනවා, අගමැති බයිසිකලෙන් යනවා,
    🤣 හෙලිකොප්ටර් 2ක් මොකටද? අනිත් එකට පනින්නද?
    🤣 ඛනිජ තෙල් ඇමති ලීටරේකින් රුපියල් 160ක් සාක්කුවට දා ගන්නවා, තෙල් ලීටරේ රුපියල් 60ට දෙන්න පුලුවන්.
    🤣 ආණ්ඩුව දෙන්න මාස 6න් රට හදනවා.
    🤣 මාස 6න් 6ට පඩි වැඩි කරනවා
    🤣 ජාතික ආරක්ශාව සති 2න් හදනවා. බංකු අරන් එන්න කියල දෙන්න
    🤣 ලක්ශ 12ට විට්ස් ගෙනත් දෙනවා.
    🤣 කොල්ලන්ට ඉන්දියන් ලඩි නැතුව ජපන්බයික් ගන්න දෙනවා. කියලා.

    මේවට ‍රැවටිච්ච උන්ට පුන්නක්කු පොවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හා එහෙනං අපි දැන් අනික් වැඩේට යන්. ඉක්මනට හිච්චි මයින වැලිකඩ යවමු

      Delete
  4. වෙනස කියන්නෙ නෑ නේ.

    සුන්බුන් විපක්ෂය හිතාගෙන ඉන්නෙ උන්ගෙ දරුවො වගේ රට කාපාලුවො කියල මාළිමාවෙ අයට ඉන්නෙත්. පව් ඕයි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ රට ගිනි තියාපු, බෙලි වැටවල් වල ගහපු, මලමිනී කනත්තට ගෙනියන අයටත් වෙඩි තියපු, බැංකු හොරකම් කරපු, බඩු මංකොල්ල කාලා ගෙවල් ගිනි තියපු, අනුන්ගෙන් ම ජීවත්වුණ, රටට සතපහක සේවයක් නොකරපු කිඩාරම් මල් තමයි මාළිමාවෙ ඉන්නෙ. ගෑවිච්ච ඔක්කොමලාත් ඉතිං වෙනසක් නෑ

      Delete
  5. kiyanakota ehemai karankoya mehemai system change kala npp.heeee

    ReplyDelete
Previous Post Next Post