අමරකීර්ති ඝාතකයන් රාජපක්‍ෂලා.. ආදරණීය අරගලයට පහර දුන්නේ ඔවුන්..- මාලිමා මන්ත‍්‍රී


ගාලු මුවදොර අරගලය පැවති සමයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකුට මරණ දඬුවම නියම කිරීම පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසා සිටියේ මෙම සිදුවීමේ සැබෑ වරදකරුවන් රාජපක්ෂ කල්ලිය බවයි.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ජනතාව ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ සාධාරණ සහ ආදරණීය අරගලයක් සිදු කළ බවයි. 

එම අරගලයට එල්ල කළ පහර දීමත් සමඟ රටේ ජනතාව තුළ දැවැන්ත සමාජමය කැලඹීමක් නිර්මාණය වූ බව ඔහු පෙන්වා දෙයි.

අතුකෝරල මන්ත්‍රීවරයාගේ මරණයට ප්‍රධානතම සාධකය වූයේ එම ප්‍රහාරයත් සමඟ නිර්මාණය වූ සමාජමය නොසන්සුන්තාවය බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. 

එබැවින් මෙම ඝාතන සිද්ධියේ සැබෑ චූදිතයන් පැහැදිලි ලෙසම රාජපක්ෂ කල්ලිය බව දේවානන්ද සුරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය

1 Comments

  1. පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර විසින් තමාගේ පියාගේ නම මහින්ද රාජපක්ෂ කියා කියන දවසත් ළඟදීම ඒවි

    ReplyDelete
Previous Post Next Post