මිග් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ තෙවන සැකකරු ලෙස නම් කර සිටින, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන සමින්ද්‍ර රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රහස් පොලිසිය වෙත දැනුම් දී තිබේ.
මෙම සැකකරු මේ වන විට මෙරටින් බැහැරව අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින බවට අනාවරණය වී ඇති අතර, ඒ අනුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස නියෝග කර ඇත.
