කොළඹ හෝටලයක බත් පිගානේ නයි පැටියෙක්...


බම්බලපිටියේ පිහිටි අවන්හලකින් ලබාගත් බත් පාර්සලයක තිබී නයි පැටවකු හමු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්බන්ධයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පසුගිය 12 වනදා අදාළ ආයතනයෙන් ආහාර ගත් අයෙකු, තමාගේ බත් පතෙහි සර්පයෙකු සිටි බවට දුරකථනය හරහා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත.

අදාළ සර්පයා සහ මිලදී ගත් බිල්පත පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නද, එම පුද්ගලයා ඒවා ලබා දීමට කටයුතු කර නැති බව වාර්තා වේ.

පැමිණිල්ල සලකා බැලූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ අවන්හල පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබූ ආහාර සාම්පල වැඩිදුර විශ්ලේෂණය සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇත.

මේ අතර, පාරිභෝගිකයා සහ හෝටල් හිමිකරු අතර සිදුවන උණුසුම් සංවාදයක් සහිත වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. එහි පාරිභෝගිකයා විසින් ආහාර පිඟානේ සිටි බව කියන සර්පයා පෙන්වමින් හෝටල් පාර්ශවයට දොස් නගන අයුරු දැකගත හැකිය.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අදාළ සාක්ෂි ලැබුණු පසු මේ පිළිබඳව අවසන් නිගමනයකට එළඹෙන බවයි.

2 Comments

  1. Premium බත් එකක්. නයි බත්. අද නයෙක් කීයක් වෙනව කියලද හිතන්නෙ?
    20,000ක් විතර වෙන කෑම එක 500ට විතර දුන්නට හොඳ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඊය ඕයි. මොනාද මේ කියන 🐍🐍 කතා? 🤣😂

      Delete
Previous Post Next Post