පොලිස් පොඩ්ඩාගෙන් ගුටි කෑ වන්නිනායක කොළඹ නීතිඥ සභාපතිකම වාර්තාගත ඡුන්දයකින් දිනයි..

 


කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා පැවැති නිලවරණයෙන් ජයග්‍රහණය අත්කර ගැනීමට ගුණරත්න වන්නිනායක මහතා සමත්ව තිබේ. 

එහිදී ඔහු ලබාගත් වැඩි ඡන්ද 137 ඉතිහාසගත වන්නේ එම සංගමයේ වසර 66ක කාලය තුළ සභාපතිවරයෙකු වාර්තා කළ ඉහළම බහුතර කැමැත්ත ලෙසය.

මෙම ජයග්‍රහණයත් සමඟ වන්නිනායක මහතා සභාපති ධුරයට පත්වූයේ පස්වන වතාවට වීම විශේෂත්වයකි. 

ප්‍රතිවාදී අපේක්ෂකයාට ඡන්ද 74ක් පමණක් හිමිවද්දී, සමස්ත ඡන්ද 211ක් ලබාගනිමින් ඔහු සිය තනතුර ලැබීය.

4 Comments

  1. රටේ සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් වීමේ අවස්ථාව බිහිවී ඇති බවට වෙන මොන කතා ද. මෙන්න අප පැතු යහපාලනය.

    නීතිඥවරු, දොස්තරවරු, තේ දළු කඩන මිනිස්සු, ගොවියෝ, ධීවරයෝ, ඉංජිනේරුවෝ ඔක්කොමල මේ රටේ මිනිස්සු. හැමෝටම සමානව අයිතීන් තියෙනවා. අපි හැමෝම එක මවකගේ දරු කැලක් විදියට ඉදිරියටම යමු.

    සුබ පතනවා ඔබ තුමාට, නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන්න ශක්තිය දෛර්යය සහ නුවන ලැබේවා.

    ReplyDelete
    Replies
    1. උඹ නං අමු පුත්තලම් බූරුවෙක්යකෝ වන්නිනායක නීතිපති නෙමෙයි නීතිඥ සංගමයේ සභාපති උඹ අනුර ගිය එකෙක් කියලා හොඳට පේනවා.

      Delete
    2. මෙතන ඒ කියපු කෙනා ලියපු අදහස ගන්න. නීතිපති කෙනෙක් ගැන කවුරුත් කියලා නෑනේ.

      ඔබතුමා කතා කරන විදියෙන් නම් පේනවා හරිම වැදගත් එක්කෙනෙක්, වැදගත් දෙමව්පියොන්ගේ වැදගත් පවුලක එක්කෙනෙක් කියලා හැබැයි. එකත් එකටම චන්දෙ දුන්නේ රාජපක්ෂට නේද?

      Delete
  2. This is UNP lawyers union 😂😂

    ReplyDelete
Previous Post Next Post