බලයේ සිටින ආණ්ඩුව පැරදවීමට හෝ විසුරුවා හැරීමට හැකිවුවත් රාජ්‍ය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් පසුගියදා බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ආණ්ඩුව කරමින් සිටින්නේ සුද්දගේ කාලයේ ජෝන් ඩොයිලි කළ කාර්යය. අපෙත් සමහර පිරිසකට මේ ගැන තේරුණේ නෑ. ඒ ඇමැතිවරයා තමයි මේ ආණ්ඩුවේ ජෝන් ඩොයිලි. රාජ්‍ය තමන්ට අත්පත් විය යුතුයි කියලා ආණ්ඩුවක් විශ්වාස කරනවා නම් එය ආඥාදායකත්වයේ මූලිකම ලක්ෂණය ලෙස තමයි දේශපාලන විද්‍යාව ලෝකයට උගන්වා තිබෙන්නේ.
පාලකයෙක් විශ්වාස කරනවා නම් රාජ්‍ය තමන් සතු විය යුතුයි කියලා එය තමයි ආඥාදායකත්වය. දේශපාලන විද්‍යාවේ පැරණි පොතපත 14 වැනි ලුවි රජ්ජුරුවන්ගේ ප්‍රකාශයක් උපුටා ගන්නවා තහවුරු කරන්න. ප්‍රංශයේ ලුවි රජ්ජුරුවෝ කියනවා රාජ්‍ය යනු මමය කියලා. මේ ආණ්ඩුවත් විශ්වාස කරනවා රාජ්‍ය කියන්නේ ඔවුන් කියලා. ආණ්ඩුව පෙරළන්න පුළුවන්, පරද්දන්න පුළුවන්, විසුරුවන්න පුළුවන්, හැබැයි රාජ්‍ය එසේ වෙන්නේ නෑ. මේ පිරිස හිතනවා මේ රාජ්‍ය ඔවුන්ගේ කියලා.
හැබැයි මේ ආණ්ඩුව විසින් ඍජුව සහ ඇතැම් අවස්ථාවලදී ඇතැම් ක්‍රියාකාරකම් හරහා නොකියා ප්‍රකාශ කරනවා රාජ්‍ය ඔවුන් සතුයි කියලා. රටේ සියලු පුරවැසියෝ රාජ්‍යයේ සාමාජිකයෝ. හැබැයි රටේ සෑම කෙනෙක්ම ආණ්ඩුවේ සාමාජිකයෙක් නොවේ.
හැබැයි මොවුන් සියලු දෙනා තමන් යටතේ සිටින දේශපාලන ප්‍රතිමත නැති සමාජයක් නිර්මාණය කරන්න දරන උත්සාහය තමයි මෙහිදී අපට පෙනී යන්නේ. රාජ්‍ය සතුව තිබෙන බලය ආණ්ඩුවට දෙන්න බෑ. ආණ්ඩුව කියන්නේ රාජ්‍ය නමැති ස්වාමියාගේ සේවකයා. රාජ්‍යයේ සහ මහජනයාගේ කැමැත්ත ප්‍රතිපත්ති බවට පරිවර්තනය කර එය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ රාජකාරිය. එය නොකර ප්‍රතික්ෂේප වන චෙක්පත් දීලා මිනිස්සු රවටා, ප්රතිවාදියාවත් දේශපාලනිකව බියගන්වා, ආයතනික ප්‍රධානීන්ට රාජකාරිය කරන්න දෙන්නේ නෑ ඔවුන්ගේ දේශපාලන මතයට නැමුණේ නැතිනම්. ඒ වගේ තැනක සිට මේ පිරිස ඉතාම විකෘති දේශපාලන බලයක් තමන් වෙත පවරාගන්න උත්සාහ කරමින් සිටිනවා.”
මහින්ද අලුත්ගෙදර

Great analysis 👍 😃
ReplyDeleteමේ ගිරවා දන්න දේශපාලනේ. මූ කුලී මයික් ටයිසන් කෙනෙක් නේද ඉස්සර? ලාවට මතකයි ගිනි අව්වේ අවුරුදු උස්සව වල මයික් පලනවා ඒ කාලෙ, ගෙවිච්ච ටී ෂර්ට් කෑල්ලක් ඇඳන්, දැං කෝට් එක නැතුව බෙට්ට යන්නෙත් නෑ වගෙ හිටියට.
ReplyDeleteකියන දේට අදාළ කරුණු කියපන් මොඩය මොහු කියන්නේ සම්පූර්ණ ඇත්ත රාජ්‍ය අත්පත් කරගන්නේ ඒකාධිපති පාලක යන් ප්‍රජාතන්ත්‍රවදි ආණ්ඩු ක්‍රමය යටතේ ආණ්ඩුව සහ රාජ්‍ය යනු දෙකක් ආණ්ඩුව රාජ්‍ය බලය අත් කර ගත්තම රටේ මිනිසුන් ගේ මූලික මිනිස් අයිතීන් නැති වෙනවා ඉන්පසු මිනිසුන් ගේ හැමදේම පාලනය කරන්නේ ආණ්ඩුව මූලික අයි තින් නෑ බාශන නිදහස දේශපාලන න්8දහස ආදි සියලු දේ නෑ චීනයේ මින යේ මිනිස්සු පිට රට යන්න වාහනය ක් ගන්න පවා ආණ්ඩුවේ අවසරය ඕනා චීනයේ මිනිසුන් ට පළාත් අතර ගමන් යන්න ප වා passport එක දෙන්න ඕන yyoutube නෑ fFace Book නෑ X telegram නෑ Google නෑ තියෙන්නේ ආණ්ඩුවේ ච් Youku Wechat ආදී දේ පමණයි පුද්ගලික මධ්‍ය නෑ තිබෙන ඔක්කොම චැනල් ආණ්ඩුවේ වෙස් ව ලාගත් චැනල් ආණ්ඩුවට විරුදධව කතා කළොත් අතුරු දහන් මේවා මෙරටේ මිනිස්සු දන්නේ නැත අර කත් නොරු වේ කොමි යුණිස් කාරය මිනිසුන් ට කියනවා චී නය හොදයි කියලා එහෙම වෙමු ලු යන්නේ කෝහට ද කියලා පැහැදිලි යි
Deleteරැවුල උඩට කැරකෙව්වට පහත් භාෂාව නිසා තමුන්ගෙ හැදියාව පැහැදිලි වෙනවා.
Deleteකවුරු කවුරුත් චීනය අද ඉන්න තැන සහ එතැනට එන්න කරපු කැප කිරීම්, දේශපාලන කඳවුරු මාරු වීම් සහ උපායමාර්ග නොදන්න නිසා කියන කතා.
Deleteඅමතක කරන්න එපා, මේ කෝට් කාරයා උනත් කාළයක් චීනට වැඳගෙන හිටිය මයින පෝතකයෙක් බව.
මේ උඩ කියපු කෙනා කියන කතාව ඇත්ත. පොහොට්ටු උන් මලින් උපන් කතා දෙන්නෙ. උන් මේ රටට ඇරපු ඇරිල්ල මිනිස්සු අමතක කරල කියල හිතන්. මයිනො මේ රටෙන් ගහලා පැන්නුවෙ. මතක තබා ගන්න.