මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ටෙලෝ පක්ෂයේ නායක පී. උදයරාසා නැමැත්තා යාපනය ප්‍රදේශයේදී පොලිස් භාරයට පත්විය.
වවුනියාව පදිංචිකරුවකු වන මොහු, මීට පෙර අවස්ථා කිහිපයකදීම මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ දේශපාලන ක්‍රියාකාරිකයෙකි.
මැතිවරණවලදී පරාජයට පත්වුවද දේශපාලනයේ නිරතව සිටි මොහුගේ නම "සෙව්වන්දි නඩුව" සම්බන්ධයෙන් අනාවරණය වීම, මෙම අත්අඩංගුවට ගැනීමට සෘජුවම බලපා ඇත.
දැනට මත්ද්‍රව්‍ය නාශක අංශය භාරයේ පසුවන සැකකරුගෙන් මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් මෙහෙයවීම, ස්ත්‍රී දූෂණ චෝදනා, මහා පරිමාණ ඉඩම් කොල්ලයන් සහ මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.
මොහු මීට පෙර ද වවුනියාව ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත ඉඩම් වංචාවකට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී ඇප මත මුදාහැරුණද, එම නඩුව තවමත් විභාග වෙමින් පවතින පසුබිමක සැකකරු මෙම නව චෝදනා මාලාවට මැදිවී තිබේ.
