අත්‍යවශ්‍ය අයට පමණක් බාර් ලයිෂන් දෙන්න තීන්දු කරයි..


 මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් තෝරාගත් කාණ්ඩ කිහිපයක් යටතේ නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

සුරාබදු ආඥා පනත සහ අනෙකුත් නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව මෙම පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙලෙස නව බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පහත සඳහන් බලපත්‍ර කාණ්ඩ යටතේ පමණි: 

  • හෝටල් බලපත්‍ර: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අනුමැතිය ලත් හෝටල් සඳහා ලබා දෙන බලපත්‍ර (6.2. 7/8).
  • භෝජනාගාර බලපත්‍ර: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් රෙස්ටෝරන්ට් (Restaurant) සඳහා ලබා දෙන බලපත්‍ර (6.2. 11).
  • විශේෂ බලපත්‍ර (ඊ.බී. 22 බී): සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත ස්ථානීය පරිභෝජනය සඳහා වන බියර්, ඒල්, ස්ටවුට් සහ වයින් විකිණීමේ විශේෂ බලපත්‍ර.
  • බුටික් විලා බලපත්‍ර: සුරාබදු නිවේදන අංක 936 යටතේ සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය මත ලබා දෙන බුටික් විලා (Boutique Villa) බලපත්‍ර.
  • අවස්ථා බලපත්‍ර: සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ අනුමැතිය පරිදි උත්සව සඳහා පීඨිකා ක්‍රියාත්මක කිරීමට ලබා දෙන බලපත්‍ර (6.2 14).

Previous Post Next Post