පොලොන්නරුවේ ප්ලේන් තරගයක්.. ඩඩ්ලින් පුද්ගලික ගුවන් යානයන් ගනී...


ශ්‍රී ලාංකික ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා 2026 සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශ කළේ ආර්ථිකය ගොඩනැංවීමට සහාය දැක්වීම සඳහා ගුවන්සේවා ක්ෂේත්‍රයට පැමිණීමේ බලාපොරොත්තුවක් ඔහුට ඇති බවයි. එහිදී Textron Aviation හි විශේෂ ආරාධනයක් මත, එම සමාගමේ ඉතා ජනප්‍රිය මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරික ජෙට් යානයක් වන Cessna Citation Latitude ගුවන්යානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවත් ඔහුට ලබාදී තිබුණා. 

ප්‍රදර්ශනය අතරතුර සිරිසේන මහතා, Textron Aviation විසින් සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේ දී ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකටද සහභාගී වුණා.

ලැබෙන තොරතුරු අනුව වාර්තා වන්නේ, සිරිසේන මහතා ව්‍යාපාරික ජෙට් යානයක් මිලදී ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. සංචාරය අතරතුර Citation Latitude ගුවන්යානයේ කාර්ය සාධන හැකියාවන්, ව්‍යාපාරික ගමන් පහසුකම් ඇතුළු පහසුකම් පිළිබඳවද සාකච්ඡා කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.  

ව්‍යාපාර නායකයින් සඳහා නිර්මාණය කළ ජෙට් යානයක්! 

Cessna Citation Latitude ගුවන්යානයේ කැබින් පහසුකම් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු දක්වා ගමන් කළ හැක. එය Pratt & Whitney එන්ජින් දෙකකින් බල ගැන්වෙන අතර වන අතර පැයට කි.මී 825 වේගයකින් ගමන් කිරීමේ හැකියාව පවතී. නාවික සැතපුම් 2,700ක පමණ පරාසයක් ඇති මෙම යානය New York සිට Los Angeles දක්වා නොනවත්වා ගමන් කිරීමට හැකි පරිදි නිර්මාණය කර තිබෙනවා. 


2015 වසරේ සේවයට එක්කර ඇති මෙම යානා මාදිලියේ ගුවන්යානා 400කට වැඩි සංඛ්‍යාවක් ලොව පුරා බෙදාහැර ඇති අතර නව ගුවන්යානයක මිල සාමාන්‍යයෙන් අමෙරිකානු ‌ඩොලර් මිලියන 20-22 අතර පවතී.

Textron Aviation, ලොව ප්‍රමුඛ ගුවන් යානා නිෂ්පාදකයෙක්!  

Citation Latitude නිෂ්පාදනය කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ Wichita, Kansas මූලස්ථානය කරගත් Textron Aviation ගුවන්යානා නිෂ්පාදන සමාගම විසිනි. Cessna සහ Beechcraft වෙළඳ නාම යටතේ, එම සමාගම ලොව පුරා ගුවන් යානා 250,000කට අධික සංඛ්‍යාවක් බෙදාහැර ඇති අතර රටවල් 170කට අධික සංඛ්‍යාවක සේවා ජාලයක් පවත්වාගෙන යයි.

ඩඩ්ලි සිරිසේන මහතාගේ සියලු සම්බන්ධීකරණ ක්‍රියාවලිය සූදානම් කර ඇත්තේ Textron Aviation සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා බලයලත් Channel Partner වන INFOTECHS (PVT) Ltd. ආයතනය යි. 

Textron සමාගම, Beechcraft King Air 360ER, King Air 350, Cessna 208B Grand Caravan EX, Cessna 208 Grand Caravan Amphibian, Cessna 152 සහ Cessna 172 වැනි යානා මඟින් ශ්‍රී ලංකාවේ සිවිල් සහ මිලිටරි ගුවන්සේවා කටයුතු වලට සුවිශාල දායකත්වයක් මේ වන විටත් ලබාදෙමින් සිටින සමාගමක් ලෙසද හඳුන්වා දිය හැක. 

Dev Kowsala Samarajeewa
Aviation Voice 24







7 Comments

  1. ගත්තම දාන්න ඕන නිව්ස් බලන්න ගියාම දාන පඩංගු කාරයෝ.

    මමත් ගියා බං මේක බලන්න, දාහං මාත් එකක් ගත්ත කියල.

    වෙන වැඩක් බැරි, කිසි දෙයක් ඉගෙන ගෙන නැති කාලකණ්ණි වෙබ් පේජ් කරන්න ගත්තම මෙවා තමයි නිව්ස් කියල එන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹ අනිවාර්යෙන් හොඳ jvp කාරයෙක් මේ ඉරිසියාව හරිම ලස්සනයි උඹලාගේ ලොක්කෝ දුවන්නේ මේ ඉරිසියාව කියන තෙල් වල බලයෙන්.නමුත් ඔන්න බලපෑමෙන් Dudley මෙක ගත්තා ම මේ plane ඒකෙ නොමිලේ යන්න උඹලාගේ jvp කාරයෝ එනවා

      Delete
    2. ඩඩ්ලි මහත්මයා, රත්න හාල් මුදලාලි වගෙම තවත් ගොඩක් අය ඉස්සරහට private jets ගනී. ඒවා News වෙන්නෙ ලෝකෙ දැකල නැති මේ කසිකබල් පඩන්ගු කාරයන්ට තමයි.
      පුළුවන් නම් තව තව මිනිස්සු මේ වගේ මහන්සි වෙලා වැඩ කරන්න උනන්දු වෙන විදියට මේ news දාල බලපංකො පොඩ්ඩක්. ආ වැඩක් නෑ නේ... ඒවට සල්ලි හම්බවෙන්නේ නැහැනේ. ජෙප්පො ඉරිසියයි ඉරිසියයි ග ගා ඉඳපන්. 😂

      Delete
    3. ඇත්තටම උඹලට ගෑනියෙක් ගන්න ගෙදරටවත් කියන්න පුළුවන්ද උඹ කරන රස්සාව ඇහුවම මේ ලංකා සීනිපුක් එකේ තමයි වැඩ කරන්නේ කියලා?

      Delete
    4. මුන්ට කොහෙද බං ගෑනු? රෑට කසිප්පු ටිකක් බීල, කුණු කොත්තුවක් කාල තනියෙන් අතේ ගහලා නිදාගන්න එක තමයි ජීවිතේම.

      Delete
    5. ඒක තමා. පිට රට නිවුස් පැයෙන් පැයට AI Agentsල යූස් කරල දාන නිවුස් බලන්න යන්න puwath.com

      Delete
    6. එක පරයෙක් මේකෙ උගේ මෙලෝ රහක් නැති නිව්ස් වගේ චීත්ත කතා කියන වගතුවක් නැති රෙද්දක් ප්‍රමෝට් කර ගන්න පුදුම උත්සාහයක් දරල තියෙනව. පව් හැබැයි.

      Delete
Previous Post Next Post