නගරයේ පදික වෙළදාම ඉවත් කිරිමේදි කුපිත වූ වෙළෙදුන් දැඩි නොසන්සුන්තාවයක..

 


පුනරුදයට පුරවර යන තේමාව යටතේ හැටන් නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරිම සදහා නගරයේ පදික වෙළදුන් සහ පදික වේදිකාව අවහිර වන සේ වෙළදුන් විසින් අසුරා තිබූ භාණ්ඩ හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පාලකවරයා ඇතුලු නිළධාරින් විසින් (25) දින ඉවත් කිරිමට කටයුතු කිරිමේදි එම වෙළදුන් සහ නගර සභාවේ නිළධාරින් අතර දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

හැටන් නගර මධ්‍යයේ ගමන් ගන්නා මගීන්ට අවහිර වන සේ අවිධිමත් ලෙස විශාල පිරිසක් ව්‍යාපාර කටයුතු සිදු කල අතර, පදිකයන්ගෙන් ඒ පිලිබදව ලද පැමිණිලි කිහිපයක් මත සහ හැටන් නගරයේ ජලය ගලා බසිනා කාණු පද්ධතිය නිසි ලෙස සකස් කර මාර්ගය පුළුල් කිරිම සදහා මෙසේ පදික වෙළදුන් ඉවත් කිරිමට පියවර ගත් බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා කියා සිටියේ.

පදික වෙළදුන්ට නගරයේ වෙනත් ස්ථානයක ව්‍යෘපාර කටයුතු සිදු කරගෙන යෑම සදහා ඉඩ ලබා දෙන බවත්, සති අන්තයේ ඉරිදා මහජන පොළ භුමියේ එම වෙළදුන්ට ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යා හැකි බවයි සභාපතිවරයා කියා සිටියේ.

හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් ඇතැම් භාණ්ඩ වෙළදසැලෙන් පිටතට ගෙනවිත්, පදික වේදිකාව අවහිර වන සේ අසුරා තිබු අතර, ඒවාද ඉවත් කිරිමට නගර සභාවේ නිළධාරින් පියවර ගැණින.

පදික වෙළදුන් කියා සිටියේ, වෙළදසැල්වලට වඩා අඩු මිලට තමන් ව්‍යාපාර කටයුතු කර දෛනික ජීවනෝපාය සිදු කරගෙන ගිය බවත්, නගර සභාව මගින් තම වෙළදාම් මෙසේ ඉවත් කිරිම මගින් තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වන බවයි.

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග . රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක් මුද්‍රණය අවසන් කර තැපෑලට . Ewath news thamai ewath liyapan

    ReplyDelete
  2. කල යුතුම දෙයක්. පදික වේදිකා තියෙන්නෙ වෙළඳ කුටි ගහන්න නෙවෙයි.

    ReplyDelete
Previous Post Next Post