ගල් අගුරු බාලයි කියන අයට රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා ගොනු කෙරේ...

 


බාල ගල් අඟුරු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විපක්ෂය විසින් මෙහෙයවනු ලබන සැලසුම් සහගත රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව පවසමින් සිවිල් බුද්ධි පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිවිල් බුද්ධි පෙරමුණේ සංවිධායක සංජය මහවත්ත මහතා කියා සිටියේ, අජිත් පී. පෙරේරා, එස්.එම්. මරික්කාර් සහ විදුර රලපනාව යන පුද්ගලයන් ව්‍යාජ වාර්තා උපයෝගී කරගනිමින් රට තුළ අනවශ්‍ය කලබලයක් ඇති කිරීමට උත්සාහ කරන බවයි.

වාර්තාවල ගැටලු සහ තාක්ෂණික සැකය මහවත්ත මහතා පෙන්වා දෙන්නේ විපක්ෂය විසින් සමාජගත කර ඇති වාර්තාවල දැවැන්ත දෝෂ පවතින බවයි. 

විශේෂයෙන්ම එක් වාර්තාවක වර්ෂය ලෙස 2017 සඳහන්ව ඇති බවත්, එය වාර්තා සංස්කරණය කිරීමේදී සිදු වූ වැරැද්දක් බවත් ඔහු පැවසීය. එමෙන්ම ඇතැම් වාර්තා 2025 සහ 2026 වැනි අනාගත වර්ෂයන් යොදා සකස් කර ඇති බවටද ඔහු චෝදනා කළේය.

"ලංකාවේ මෙවැනි ASTM වාර්තා සකස් කිරීමට අවශ්‍ය උපකරණ පවා නැහැ. මේවා පැහැදිලිවම ව්‍යාජ ලෙස සකස් කළ වාර්තා," යැයි පවසන මහවත්ත මහතා, 2007 වසරේ සිට ලක්විජය බලාගාරයට අදාළ ඉතිහාසය තුළ මෙවැනි වාර්තා හයක් මීට පෙර කිසි දිනෙක ඉදිරිපත් වී නොමැති බවද අවධාරණය කළේය.

කොමිස් මුදල් අහිමි වීමේ වෛරය? මෙම කුමන්ත්‍රණය පිටුපස ඇති සැබෑ අරමුණ ලක්විජය බලාගාරය හරහා මීට පෙර ලබාගත් කොමිස් මුදල් වර්තමානයේ අහිමි වීම විය හැකි බවටද මහවත්ත මහතා සැක පළ කරයි. කොමිස් මුදල් අහිමි වීම නිසා අගතියට පත් පිරිස් මෙවැනි ව්‍යාජ වාර්තා මඟින් රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන බව ඔහුගේ අදහසයි.

අදාළ පුද්ගලයන් මෙම වාර්තා හය ලබාගත්තේ කොහෙන්ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මේ පිටුපස සිටින පිරිස් හෙළි කරන ලෙසත් සිවිල් බුද්ධි පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.

6 Comments

  1. “හොඳ” හෝ “නරක” ගල් අඟුරු (charcoal) කියලා දෙයක් නැහැ . ඒවා සියල්ලම පරිසරය දූෂණය කරයි. ඒ හේතුවෙන් යුරෝපීය රටවල් නැවත භාවිතා කළ හැකි ශක්ති මූලාශ්‍ර (renewable energy) වෙත මාරු වෙමින් සිටිනවා. ඒ අතරම, NPP වික්ටෝරියා වැනි විශාල ධාරිතාවක් ඇති සූර්ය විදුලි බලාගාර ඉදිකරමින් සිටිනවා. Norochcole must close within 5 years to protect health and environment .

    ReplyDelete
    Replies
    1. දවල්ද​? TRUMP මාම කිවුවා සූර්‍ය විදුලි බලාගාර සහ හුලං බලාගාර කැතයි කියලා. ලපයා TRUMPට උඩින් යන්නේ නෑ

      Delete
  2. විල් බුද්ධි පෙරමුණ :niyama nama

    ReplyDelete
  3. යකෝ ආණ්ඩුවත් පිලිගන්නවා ගල් අඟුරු බාලයි කියලා. ඒ වුනාට කටු කන මන්ද බුද්ධි පෙරමුණ පිළිගන්න ලැහැස්ති නැහැ. පුදුම ඩෝබිලා තමයි අපේ රටේ ඉන්නෙ.

    ReplyDelete
  4. What is measured is Calorific Values of Coal. Instrument called a Bomb Calorimeter is used for measurement of Calorific Values of substances.Most of the laboratories of govt.institutions posses this type of instruments. I'm sure even Lakvijaya Laboratory posses this type of instrument for their day to day measurements of Calorific Values of Coal.

    ReplyDelete
Previous Post Next Post