දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ගවයින් / එළුවන් එන්නත් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින්
මෙම වන්දි මුදල් ගවයන්, ඌරන්, එළුවන්, බ්‍රොයිලර් සහ ලේයර් කුකුළන් විනාශ වූ ගොවිපොළවල් සඳහා ලබා දුන් බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම වන්දි ගෙවීම්වලට අමතරව, ගොවීන්ට සහනයක් සැලසීම සඳහා පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ බවත් ඒ සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 25,000 ක මුදලක් ලබාදී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ආපදා හේතුවෙන් විනාශ වූ ගොවිපොළවල් ප්‍රතිසංස්කරණය කර ගැනීමට ද අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

අපිත් කන බොන මිනිස්සු දැන් . අවුලක් නැනේ
ReplyDeleteමේ වාගේ වැඩ වලින් ඉතිං පොඩි කොමිෂන් එකක් අරං අඩියක් ගැහැහුවට රටට පාඩුවක් නෑනේ
ReplyDeleteඔක්කොටම කලින් මුට එන්නතක් ගහන්න ඕන පිස්සු කෙලිනවට.
ReplyDeleteObathmath oken 2k gahaganna please....
ReplyDeleteminihath shape eke ennathak gaha ganna athi loweth.ennatha wada karanawada kiyala balgaththaki issarahata
ReplyDelete