මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශ වලට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන් කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත් බිම් ප්‍රදේශ වලට මෙතැන් සිට ඉදිරි පැය 24 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී.
තවද මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාර්ගයද, සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයටද සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇත.
ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රජ මහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් ද, එසේම එම ප්‍රදේශ වල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි වීම සිල්ලෙන් පසුවන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියි.
