පිත්තල මුදුවකට, රන් මුදුවක් මාරුකල අයෙකු අත්අඩංගුවට...


තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි ස්ර්ණාභරණ වෙළදසැලකින් රන් ආලේපිත පිත්තල මුදුවක් මාරු කිරිමට වංචා සහගත ලෙස උත්සහ කල පුද්ගලයෙකු එම ස්වර්ණාභාරණ වෙළදසැලේ සේවකයින් විසින් අල්ලා
 තලවකැලේ පොලිසිය වෙත භාර දි ඇත.

එම සැකකරු බණ්ඩාරවෙළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50ක්පමණ වයසැති පුද්ගලයෙකු බවත්, ඉකුත් (24) දින එම ස්වර්ණාභරණ වෙළදසැලට පැමිණ රු.30000ක් පමණ වටිනා රන් මුදුවක් මෙසේ වංචා සහගත ලෙස මාරු කර එම මුද්ද තලවකැලේ නගරයේම පෞද්ගලික මූල්‍ය ආයතනයක උකස් තබා මුදල් රැගෙන ඇති බව තලවකැලේ පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරික්ෂන වලදී අනාවරණය වී ඇත.

යලිත් එම සැකකරු එම ස්වර්ණාභාරණ වෙළදසැලට පැමිණ එවැනිම රන් ආලේපිත පිත්තල මුදුවක් ඉතා සුක්ෂඹ ලෙස මාරු කිරිමට උත්සහ කිරිමේදි විමසිල්ලෙන් සිටි එම ස්වර්ණාභරණ වෙළදසැලේ සේවකයින් විසින් අල්ලා සැකකරු පොලිසිය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව තලවකැලේ පොලිසිය පැවසීය.

- රංජිත් රාජපක්ෂ

Previous Post Next Post