දේශිය හා විදේශීය සංචාරක ආකර්ෂණය අතින් ඉහළම ස්ථානයක පැවතෙන සංචාරක තෝතැන්නක් වන නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නවතම ව්‍යායාම් හා මානසික සුවතා වැඩසටහනක් වශයෙන් අවම ගුරුත්වාකර්ෂණයකින් යුතු පාපැදි සවාරියක් " රාවණා ලෝ ග්‍රැවිටි සයික්ලින් " වැඩසටහන නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර සහ මධ්‍යම පළාත් සංචාරක සේවා අධ්‍යක්ෂිකා සඳමාලී හේවගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය ,
මෙම
වැඩසටහන නුවරඑළිය වික්ටෝරියා උද්‍යාන ශ්‍රවණාගාරයේ
ආරම්භ වූ අතර මෙම වැඩසටහන සඳහා රාවණා ගුවන් අභ්‍යාස ආයතනය සම්පත් දායකත්වය ලබා දී
තිබිණ ,
මෙම
වැඩසටහන ඔස්සේ නුවරඑළිය නගරයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පාපැදියේ
ගමන් කරමින් පාරිසරික සුන්දරත්වය විදීමට මෙන්ම භූ විශමතායන් පිළිබදව අවබෝධය ලබමින්
සිදුකරන භාවනාමය න්‍යායාත්මක වැඩසතමක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන
බව මෙම වැඩසටහන පිළිබඳව හඳුන්වා දෙමින් වැඩසටහනේ නිර්මාතෘ කපිතාන් හර්ශ ජී. කෝරලේආරච්චි මහතා
පැවසීය ,
තවද
මෙම විශේෂ ක්‍රියාකාරකම් මාලාව පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන්ට පුහුණු වැඩසටහන් පැවැත්වීමටද
ඉදිරියේදී කටයුතු කරන බවත් නුවරඑළිය මහ නගර සභාව සංචාරක හෝටල් සංගමය සහ රාවණා
ගුවන් අභ්‍යාස පුහුණු ආයතනය එක්ව මෙම වැඩසටහන ඉදිරියේදී සංවිධානාත්මව සිදුකිරීමට
නියමිතත බවද ඔහු වැඩිදුරටත් පැවසීය ,
මෙම
වැඩසටහන සදහා නුවරඑළිය හෝටල් සංගමය , පරිසර
වේදීන් සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ
.
- ආර්.එෆ්.එම්.සුහෙල්
