නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන අයත් නානුඔය ප්‍රදේශයේ පාසලක 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම පාසල් සිසුවිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල් වෙත (05) දින ඇතුලත් කර ඇත.
පහර
කැමෙන් පීඩාවට පත් පාසල් සිසුවිය (06) දින පාසල් නොගිය සිසුවිය හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය යන රෝග ලක්ෂණ නිසා දියණියගෙන් කරුණූ විමසූ
දෙමව්පියන් ඒ පිලිබදව නානුඔය පොලිසිය වෙත පැමිණීලි කර පසුව සිසුවිය රෝහල් ගත කර
ඇත.
පහර
කෑමට ලක් වූ සිසුවිය කියා සිටියේ අදාළ ගුරුවරයා නිරන්තරයෙන් ශිෂ්‍යාවන්ට හිරිහැර
කරන බවත්, ඔවුන්ට වාචිකව අපයෝජනය කර පහර දෙන බවයි.
“(05) දින මට කම්මුලට සහ කන් ප්‍රදේශවලට දරුණු ලෙස පහර දුන්නා, අවසානයේ මගේ හිස මේසය මත තබා ගුරුවරයාගේ වැලමිටෙන් මගේ
පිටට පහර දුන්නා. මේ නිසා, මට වේදනාව දරාගත
නොහැකි වූ අතර, පාසල අවසන් වන තුරු මට මුත්‍රා පිටවීමට පටන් ගත් බවයි” පහර කැමට ලක් වූ සිසුවිය කියා
සිටියේ.
අදාළ
සිසුවියට පහර දුන් ගුරුවරයා පාසලේ බොහෝ සිසුන්ට නිරන්තරයෙන් මේ ආකාරයෙන් පහර දෙන
බවත්, ගුරුවරයා මීට පෙර සිසුවෙකුට පොල්ලකින් පහර දී ඇති බවයි එම
පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටින්නේත
නානුඔය
පොලිසිය මගින් පහර දුන් ගුරුවරයා (06) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති
අතර, (07) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නිමිතය.

අපිට ගුරාලා හරක්ට වගෙ පහර දුන් නිසා තමයි අද අපි මෙතන ඉන්නෙ කියන ත්‍රීවිල් ඩ්‍රයිවර්ල තාම කමෙන්ට් කරේ නෑ වගෙ.
ReplyDeleteඑදා අපිට පහර දුන් ගුරුවරයාගේත් අද ළමයින්ට පහර දෙන ගුරුවරුන්ගේ චේතනාවන් දෙකක්. ඒ නිසාමයි අපිට නොවැරදුනේ.
ReplyDelete