ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට තීරණාත්මක දායකත්වයක් ලබාදුන් යුරෝපා සංගමයේ GSP බදු සහනය වත්මන් කාලසීමාව අවසන් වූ පසු, එය යළි ලබාගැනීම සඳහා අයදුම් කිරීමට රජය සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා - යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය දැරීම සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ ආසියා ශාන්තිකර කලාපීය වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාවෝලා පම්පලෝනි මහත්මිය ඇතුළු දූත පිරිස සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම හමුව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දෙපාර්ශවය අතර ඉතා සාර්ථක හා සුබවාදී සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
එහිදී ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය මෙන්ම රජය විසින් ක්‍රියාවට නංවමින් පවතින වැදගත් ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ පිළිබඳවද යුරෝපා නියෝජිත පිරිස දැනුවත් කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සහ ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම උදෙසා ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
විශේෂයෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානි පූර්ණය සඳහා වන කාර්යාලය සහ ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය වැනි ස්වාධීන ආයතන ශක්තිමත් කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ ප්රගමනයට GSP සහනය මගින් ලැබෙන දායකත්වය අගය කළ විදේශ අමාත්‍යවරයා, මෑතකදී බලපෑ ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි සහ ඉන් යථා තත්ත්වයට පත්වීම සඳහා රජය ගන්නා උත්සාහයන් පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.
අසීරු අවස්ථාවන්හිදී යුරෝපා සංගමය ලබාදෙන අඛණ්ඩ සහයෝගයට අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කර සිටියේය.

අපේ රට නැවත සශ්‍රීක රටක් වෙන බව පැහැදිලියි. අපි අපේ විශ්‍රාමික ජීවිතය ගතකරන්න ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteGSP+ ගන්නෙ මොකටද, හාල් විකුණල හෙලිකොප්ටර් ගන්න පුළුවන් රටක්, පාරක යන්න බැරි තරමට වාහන, මීටර් සීයක් පයින් ඇවිදගෙන යන්න බැරි ජනතාවක්, ඉතින් ඒ වගේ සුඛෝපභෝගී රටකට මොන සහනද.
ReplyDelete