Jeffrey Epstein රහස් ලේඛණවල ශ‍්‍රී ලංකා නාමය 188 වතාවක් රන්දයි..

 


ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ඇමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටීන්ගේ (Jeffrey Epstein) රහස් ලේඛනාවලිය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව 188 වතාවක් සටහන් වී ඇති බව අනාවරණය වී තිබේ. 

කෙසේ වෙතත්, එම කිසිදු සටහනක ශ්‍රී ලංකාවට අදාළව කිසිදු වැරදි ක්‍රියාවක් හෝ අපරාධයක් පිළිබඳව සඳහන් නොවන බව තහවුරු වී ඇත.

ලිංගික අපරාධකරුවෙකු ලෙස වරදකරු වී වසර කිහිපයකට පෙර මියගිය එප්ස්ටීන්ට අයත් අතිවිශාල ලේඛන ප්‍රමාණයක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කරන ලදී. 

මෙම ලේඛන අතර ලෝකයේ විවිධ රටවල ප්‍රකට පුද්ගලයන්ගේ සහ කාන්තාවන්ගේ නම් මෙන්ම රහස් තොරතුරු ද ඇතුළත් බව වාර්තා වේ.

එම ලේඛනාවලිය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව වාර 188ක් සඳහන් වී තිබුණද, එම සඳහන් කිරීම් අපරාධ විමර්ශනවලට සම්බන්ධ නොවන බව හෙළි වී තිබේ. 

මූලික වශයෙන් ඊමේල් පණිවිඩ, සංචාරක සැලසුම් පිළිබඳ සන්නිවේදනයන් සහ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණ සිටීම වැනි කරුණු සම්බන්ධ අතුරු සංවාදවල පමණක් ශ්‍රී ලංකාව යන නාමය සඳහන් වී ඇත.

ඒ අනුව, එප්ස්ටීන්ගේ අපරාධ මෙහෙයුම් හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් සමඟ ශ්‍රී ලංකාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පැහැදිලි වී තිබේ. 

එමෙන්ම, කිසිදු ශ්‍රී ලාංකික පුද්ගලයෙකු වැරදි ක්‍රියා සිදු කළ බවට හෝ ශ්‍රී ලංකාව නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා උචිත ස්ථානයක් ලෙස එහි දක්වා නොමැති බව ද වැඩිදුරටත් තහවුරු වේ.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව තම වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ විවිධ මට්ටමේ සංස්කරණයන්ට භාජනය වූ ගොනු මිලියන ගණනක් මෙලෙස ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි

2 Comments

  1. ඒ කියන්නේ පසුගිය වසර 73,ක සාපය කිව්වට ඒ කාලය තුල ලංකාවෙ. හොරු, වංචාකාරයෝ, ඩිල්කාරයො ඉදලම නෑ. දැන් තමයි ඉන්නේ. ඒ කියන්නේ 24 අග ඉදල..

    ReplyDelete
  2. Mokada kiyala neththe, ara thibune thambuththegama kotath aawa kiyala Humping Bird ekka

    ReplyDelete
Previous Post Next Post