මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන MAS සමූහ ව්‍යාපාරය සිය ශ්‍රම බලකාය සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට තීරණය කර ඇත. මේ වන විට සේවකයින් 96,000ක් සේවය කරන මෙම ආයතනය, අදියර කිහිපයකින් සමන්විත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් හරහා එම සංඛ්‍යාව 70,000 දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබේ. මෙහි සෘජු ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 26,000කගේ පමණ රැකියා අවස්ථා අහිමි වී යාමයි.
ආයතනික ප්රතිසංවිධාන කටයුතු යටතේ ඇතැම් නිෂ්පාදන ඒකක වසා දැමීමට දැනටමත් පියවර ගෙන ඇත. ඒ අනුව තුල්හිරිය MAS ෆැබ්රික් පාර්ක් පරිශ්‍රයේ ක්‍රියාත්මක වූ ‘MAS Kreeda Methliya’ ආයතනය මේ වන විටත් වසා දමා ඇත. ඉදිරියේදී ‘MAS KREEDA Vaanavil’ (වානවිල්) සහ නිදහස් වෙළඳ කලාප තුළ පිහිටි ‘MAS Active’ කර්මාන්ත ශාලාවල කටයුතු නතර කිරීමට නියමිතය. මීට අමතරව, හොරණ සහ රත්නපුර ප්‍රදේශවල ක්‍රියාත්මක වන ‘MAS Bodyline’ ආයතනයේද සේවක සංඛ්‍යාව අඩු කිරීමට සැලසුම් කර තිබේ.
අදාළ සේවකයින් සඳහා මාස තුනක වැටුප් වන්දියක් හෝ වෙනත් ප්‍රදේශවල පිහිටි ශාඛාවල රැකියා ලබාදීමට පාලනාධිකාරිය යෝජනා කර ඇතත්, එය ප්‍රායෝගික නොවන බව සේවකයෝ පෙන්වා දෙති. උදාහරණයක් ලෙස, තුල්හිරිය ප්‍රදේශයේ සේවය කළ අයෙකුට රත්නපුර වැනි දුර බැහැර ප්‍රදේශයකින් රැකියා ලබාදීම ඔවුන් දැඩි අසරණභාවයකට පත් කරන්නකි.
Nike, Adidas, Victoria’s Secret සහ Lululemon වැනි ලෝක ප්‍රකට සන්නාමයන් වෙනුවෙන් නිෂ්පාදන සිදුකරන MAS ආයතනය, එම ජාත්‍යන්තර සන්නාමයන් අගය කරන සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම, ආයතනය තුළ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තහනම් කර තිබීම හේතුවෙන්, සිදුවන අසාධාරණයන් පිළිබඳව සාමූහිකව හඬ නැගීමට සේවකයින්ට ඇති අවස්ථාව ඇහිරී තිබේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මගින් ලබාදුන් පුළුල් බදු සහන භුක්ති විඳිමින් මෙරට තුළ විශාල ලාභයක් උපයාගත් මෙම සමාගම්, දැන් සිය මෙහෙයුම් ඉන්දියාව වෙත ව්‍යාප්ත කිරීමට උත්සාහ දරමින් සිටියි. අඩු ශ්‍රම පිරිවැය සහ අඩු විදුලි ගාස්තු වැනි වාසි සහගත තත්ත්වයන් සොයා සිය කර්මාන්ත ශාලා ඉන්දියාවට ගෙනයාමේ ආර්ථික සහ භූ-දේශපාලනික උපායමාර්ගයක ඔවුන් නිරතව සිටින බව නිරීක්ෂණය වේ.

ඒ අය මහ පොළොවේ යථාර්ථය දන්නවා. ආයෝජනය සඳහා උපරිම ලාභයක් ලැබීමට නොහැකි තැනක් හැර දමා වඩා සුදුසු තැනකට මාරුවීම ව්‍යවසායකත්වයේ මූලධර්මයක් නොවේද?
ReplyDeleteඉන්දියාව තව දුරටත් ලාභදායි ආයෝජන මධ්‍යස්ථානයක් නොවේ. ඉන්දීය ව්යවසයකයිනුත් ලංකාවට එන්න සැලසුම් සකස් කරමින් ඉන්නා බවයි අපි නම් දන්නෙ.
ReplyDeleteකොහොම උනත් MAS ආයතනයේ USA brands ඉලක්ක කරගෙන Trump ගේ බදු වැඩපිළිවෙල ඇතුලත වැඩි වාසි ඉන්දියාව තුලදී ලැබෙන නිසා මේ තීරණය ගත්තා විය හැකියි. Apple සමාගම උනත් ඉන්දියාවට එකලස් කිරීම් සමාගම් ගෙනාව පහුගිය අවුරුද්දෙ, මේ හේතුව නිසාම.
එහෙත් ලංකාවේ පුහුණු ශ්‍රම බලකායට මෙය අගනා අවස්ථාවක් වෙන්න පුළුවන් ඉන්දියාවට ගිහිං වැඩිපුර මුදලක් උපයාගන්න. මේ ක්රමයම බංග්ලාදේශය තුල ඉතාමත් සාර්ථකව කලා සහ ලංකාවේ අය වැඩිම පඩි ලබන අය අතර ඉන්නවා එහෙ.
හැම දේකම අසුබවාදී බවම දකින එක තුම්මුලේ විමලෙ ගෙ ලක්ෂණයක් නෙ. මේක ලියන ගෝලයොත් ඒ වගෙම තමා.
Good strategy. We must encourage all such enterprises to relocate in other countries and export our skilled labour force there.
Deleteසේවක සංගම් එක හේතුවක් වෙන්න පුළුවන් රට හැර යන්න. ව්‍යාපාර තියෙන්නේ ලාබ ලබන්න මිසක් රජයේ ආයතන වගේ පාඩු පිට ඇදගෙන යන්න නෙමෙයි.
ReplyDeleteබාගෙට කියවන්න එපා. සේවක සංගම් නෑ MAS එක ඇතුළෙ. හදන්නත් බැහැ.
Delete