සාමාන්‍ය පරිභෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙරට සතුව පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන දින වකවානු පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
රටේ වත්මන් බලශක්ති තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට පවතින තොග අනුව එක් එක් ඉන්ධන වර්ග පරිභෝජනය කළ හැකි කාලසීමාවන් මෙසේ බවයි.
- 92 ඔක්ටේන් පෙට්‍රල්: අප්‍රේල් 23 වනදා දක්වා
- 95 ඔක්ටේන් පෙට්‍රල්: මැයි 10 වනදා දක්වා
- ඔටෝ ඩීසල්: අප්‍රේල් 12 වනදා දක්වා
- සුපර් ඩීසල්: මැයි 10 වනදා දක්වා
ඉදිරි අවශ්‍යතා සඳහා අවශ්‍ය ඇණවුම් සහ සැපයුම් ජාලය කළමනාකරණය කිරීමට අදාළ පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අම්මපා නැවට වදුරෙක් පැනල ද දන්නේ නැහැ
ReplyDeleteලෝක වෙළඳ පොළේ තෙල් නැති වෙලා නෑ
ReplyDeleteතෙල් වල අඩුවක් විතරයි තියෙන්නේ - තෙල් දැන්ම ඇණවුම් කළොත් තෙල් ගේන්න පුළුවන්. ඇණවුම් නොකර ඉන්න බලන එක තමයි මේ කරන්නේ, තෙල් සැපයීම අඩු වීමට මුවා වෙලා. රුසියාව වුනත් අපිට තෙල් දෙන්න කැමතියි. රුසියානු තෙල් වලට තිබුනු සම්භාධක ඉවත් කරලා නිසා දැන් රුසියානු තෙල් මිලදී ගැනීමට බාධාවක් නෑ.
නැත්තේ ඩොලර් (විදේශ විනිමය) - ඕක තමයි ඇත්ත ප්රශ්නය - රටේ විදේශ විනිමය (ඩොලර්) ආදායම අඩු වෙලා කියන්නේ විදේශ විනිමය සංචිත වලින් තෙල් ගේන්න වෙනවා ය කියන එක. විදේශ විනිමය සංචිත අවසන් වුනාම ගෝඨාභයට වුනු දේ තමන්ටත් වෙන බව ආණ්ඩුව දන්නවා.
තෙල් ගෙන එන ප්‍රමාණය අඩු කරන්න ආණ්ඩුව හදන්නේ ඒ නිසයි. නිවාඩු දවස් ප්‍රකාශ කරලා (කොරෝනා කාළේ රට වැහැව්වා වගේ වැඩක් තමයි මේකත්) රටේ වැඩ නවත්තලා, තෙල් පාරිභෝජනය අඩු කරලා, ආර්ථිකය හකුළවලා, තමන්ගේ පැවත්ම ආරක්ෂා කර ගන්නයි ආණ්ඩුව බලන්නේ.
රටේ විදේශ විනිමය ලැබීම් වැඩි කර ගැනීමට අසමත් වීමේ වගකීම බාර ගන්න ආණ්ඩුව සූදානම් නෑ.
ලප සාපය.
ReplyDeleteමාසෙන් මාසෙට ලප සාපය. බොරු කියල මිහි කත කම්පාකරා. දැන් මාසෙන් මාසෙට බැට දෙන්නේ.
ReplyDeleteමුට දැන්ද මතක් වෙලා තියෙන්නේ
ReplyDeleteනොදකින් මුන්ට චන්දෙ දීපු උන්ට ද සැපද