සංශෝධිත බස් ගාස්තු සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 12.19කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
මේ අනුව, සාමාන්‍ය සේවා බස් රථවල මෙතෙක් පැවති අවම ගාස්තුව වූ රුපියල් 27.00 ක අගය රුපියල් 3.00 කින් වැඩි වී රුපියල් 30.00 ක් දක්වා ඉහළ යනු ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නව ගාස්තු චක්‍රයට අනුව, විවිධ ගාස්තු අවස්ථා යටතේ සිදුව ඇති සංශෝධන කිහිපයක් පහත දැක්වේ:
- අවම බස් ගාස්තුව රුපියල් 27.00 සිට රුපියල් 30.00 දක්වා (රුපියල් 3.00 කින් වැඩි වී ඇත)
- රුපියල් 35.00 ගාස්තුව රුපියල් 39.00 දක්වා (රුපියල් 4.00 කින් වැඩි වී ඇත)
- රුපියල් 45.00 ගාස්තුව රුපියල් 50.00 දක්වා (රුපියල් 5.00 කින් වැඩි වී ඇත)
දීර්ඝ ගමන් මාර්ග සඳහා වන ගාස්තු ද මෙම ප්‍රතිශතයට අනුකූලව සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව:
- රුපියල් 2,158.00 ක ගාස්තුව රුපියල් 2,421.00 දක්වා රුපියල් 263.00 කින් ඉහළ යනු ඇත.
- රුපියල් 2,129.00 සිට රුපියල් 2,389.00 දක්වා (රුපියල් 260.00 ක වැඩිවීමක්)
මෙම අන්තර්වාර බස් ගාස්තු සංශෝධනය යටතේ ගාස්තු අවස්ථා 350ක් සඳහාම අදාළ වන නව මිල ගණන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය සිදුකර තිබේ


