නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට සපයා ඇති ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික පද්ධතියට එක්විය යුතු විදුලි බලයෙන් මෙගාවොට් 130 ක හිඟයක් පවතින බව බලශක්ති විශේෂඥයෙකු වන ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම උත්පාදන වාර්තා උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, බලාගාරයේ ජනන යන්ත්‍ර ත්‍රිත්වයම මේ වන විට සිය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අපොහොසත් වී ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ දත්තයන්ට අනුව බලාගාරයේ 01 වන ඒකකය සැපයිය යුතු ධාරිතාවට වඩා මෙගාවොට් 51 ක අඩුවක් පෙන්වමින් මෙගාවොට් 219 ක මට්ටමේ පවතී. 02 වන ඒකකය මෙගාවොට් 39 ක අඩුවක් සහිතව මෙගාවොට් 231 ක් ජනනය කරයි. 03 වන ඒකකය මෙගාවොට් 40 ක අඩුවක් සහිතව මෙගාවොට් 230 ක් ජනනය කරයි.
මේ අනුව සමස්තයක් ලෙස බලාගාරයෙන් ජාතික පද්ධතියට අහිමි වී ඇති බලශක්ති ප්‍රමාණය මෙගාවොට් 130 කි.
බලාගාරයේ පවතින මෙම බරපතල තත්ත්වය හමුවේ වුවද, රජයේ වගකිවයුතු අංශ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයා සියල්ල යහපත් බව ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක් බව ද රලපනාව මහතා පෙන්වා දෙයි.
මෙම අර්බුදය දේශපාලනික වශයෙන් සුදු හුණු ගෑමට උත්සාහ කරන පිරිස් වෙත සිය විවේචනය එල්ල කරන ඔහු, දත්ත මගින් තහවුරු වන මෙම සැබෑ තත්ත්වය වසන් කිරීමට නොහැකි බව ද අවධාරණය කර සිටියි.

අල්ලස් කොමිසමට දැම්ම පැමිණිල්ල මොකද උනේ කියල , තව පැමිණිල්ලක් දන්නා වෙය් වගේ අල්ලස් කොමිසම්මට විරුද්දව
ReplyDeleteනොරොච්චෝල අවුලක් නෑ.. වරද ඇත්තේ ගල් අගුරු ප්‍රමිතිය මනින ආකාරයේ
ReplyDeleteකලින් සමාගමෙන් ලැබුන ගල් අගුරු commis මුදල් ටික නොලැබෙන නිසා මුන් කෑගහන්නේ…,
ReplyDeleteහැමෝටම ගන්න වෙන්නේ එකම තැනින්
better to find a way to change the graph
Deleteකලින් ගල් අගුරු ශොක් දැන් ඒවා වගේ නෙවෙය්
ReplyDeleteනෝ ටෙන්ඩර් කොමිස් ශෝක් ටෙන්ඩර් ගල් අගුරු වගෙ නෙවෙයි
Day time full run by solar. 77 WASARE SAPE
Delete