ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලබන මාර්තු 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කළේය.
මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ අතර, එදිනට අදාළ නඩුවේ අධිචෝදනා පත්‍ර අමාත්‍යවරයාට භාරදීමට නියමිතය.
කුමාර ජයකොඩි මහතා ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කළ අවධියේ, එම සමාගම් පරිශ්‍රයේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත වූ පෞද්ගලික සමාගමකට අනිසි මූල්‍ය ලාභයක් ලබාදීම හරහා රජයට රුපියල් 8,800,000කට (මිලියන 8.8) අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම අධිචෝදනා ගොනු කර ඇත.
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන රෙගුලාසිවලට අනුව අදාළ පෞද්ගලික සමාගම විසින් බැංකු ඇපකරයක් ඉදිරිපත් කළ යුතු වුවද, එවැනි ඇපකරයකින් තොරව ව්‍යාපෘති වටිනාකමෙන් 20%ක මුදලක් (රුපියල් මිලියන 8.8කට අධික මුදලක්) අත්තිකාරම් ලෙස නිදහස් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ජනතාව අවදියෙන්
ReplyDeleteAnivaryayen
ReplyDeletemahindananda athulata giyeth rajayata padu kala kiyalane..me kes eketh thiyenne ekamai..ehemanam mahindananda athulata giyanama me hotath athulata yanna one neda...
ReplyDelete