ඉන්ධන ලීටර 4,000ක් ගෙනයද්දී ගම්මුන් අල්ලති..

 


කිතුල්ගල ඉන්ධන පිරවුම්හලෙන් භූමිතෙල් ලීටර් 4000ක් බලපත්‍රයක් නොමැතිව ටැංකි 4ක පටවා කෑගල්ල දක්වා රැගෙන යාමට උත්සහ කිරිමෙදි ප්‍රදේශවාසීන් විසින් එම ලොරි රථය අල්ලා කිතුල්ගල පොලිසිය වෙත භාර දී ඇත.

ඉකුත් (05) දින අලුයම එම ඉන්ධන පිරවුම්හලට පැමිණි ලොරි රථය භූමිතෙල් පුරවන බව ප්‍රදේශවාසින් දැක පසුව ඒ බව කිතුල්ගල පොලිසියේ නිළධාරින්ට දැනුම්දීමෙන් පසු ලොරි රථය, ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා සැකපිට අත්අඩංගුවට ගෙන රියදුරා සහ රිය සහයකයා එදිනම පොලිස් ඇප මත මුදාහැර එම සැකකරුවන් දෙදෙනාට (12) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස කිතුල්ගල පොලිසියේ නිළධාරින් උපදෙස් ලබා දී ඇත.

කිතුල්ගල පොලිසියේ නිළධාරින් කියා සිටියේ, අත්අඩංගුවට ගත් භූමිතෙල් තොගය සහ සැකකරුවන් (12) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවයි.

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. ගම්මුන්ටත් ඔ්නෙ නැති ලම්බක් නෑනෙ.

    ReplyDelete
  2. මේක නීති විරෝධී ද?

    ReplyDelete
Previous Post Next Post