රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
ඉදිරි පැය 48 තුලදි වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ගේ ඉන්ධන සහ ප්‍රවාහන ගැටලු නොවිසඳුනොත් එලඹෙන සතියේදි රෝහල් බිඳ වැටීමේ අවදානමක්.
මෙරට රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට නම් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බාධාවකින් තොරව සෑම මොහොතකම සෞඛ්‍ය සේවා ආයතන වලට පැමිණිම සහ රැදි සිටීම අනිවාර්ය වේ.
මේ වනවිට රට තුල නිර්මාණය වී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට රාජකාරීයේ යෙදීම සඳහා අවශ්‍ය ඉන්ධන සහ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇත.
එහිදී වෛද්‍යවරුන් තම සාමාන්‍ය රාජකාරී, පොරොත්තු රාජකාරි සහ හදිසි ඇමතුම් රාජකාරී සඳහා ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සලසා ගන්නා අතර, රාජ්‍ය සේවයේ අනෙක් සමාන්තර කාණ්ඩයන්ට මෙන්, නිල වාහන හෝ ඉන්ධන දීමනා රජයෙන් ලබාදීමක් සිදු නොවෙයි.
වෛද්‍යවරුන් රාජකාරියට වාර්තා කරනුයේ අතිවිශාල පිරිවැයක් දරමින් ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සපයා ගනිමිනි.
දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා ගැනීමේදි ද ප්‍රයෝගික ගැටලු ගණනාවක් මතු වී ඇත. සලාක ක්‍රමය යටතේ සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය රාජකාරි සඳහා වාර්තා කිරීමට වුවද ප්‍රමාණවත් නොමැති බව සියලු දෙනා පිළිගන්නා කාරණයකි.
එමෙන්ම රෝගී සත්කාර සේවා සඳහා වැය කල යුතු වටිනා කාලය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඉන්ධන පෝලිම් වල වැය කිරීමට සිදු වීමද අවාසනාවන්ත තත්ත්වයකි.
මෙම ගැටලු නිර්මාණය වන බව දැනුවත් කරමින් මේ සඳහා විසදුම් ලබා දෙන මෙන් ගරු ජනාධිපතිතුමන්ගෙන් ලිඛිතව ඉල්ලා දින 6 ක් ගත වී තිබුන ද වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉන්ධන සහ ප්‍රවාහන ගැටලු විසදීමට රජය හෝ වගකිවයුත්තන් කිසිදු සාධනීය උත්සාහයක් නොගැනීම කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි.
රජය මෙලෙස හැසිරෙන්නේ සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නිවේදනය කර තිබෙන පසුබිමක වන අතර අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රජය කොන්දෙසි විරහිතව නිත්‍යානුකූලව බැඳි සිටියි.
ඉන්ධන සහ ප්‍රවාහන අර්බුදය හේතුවෙන් මේ වන විට රෝහල් ගණනාවක විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිය රාජකාරි ඉටු කිරීම සඳහා රෝහලට පැමිණිමට නොහැකි විමෙන් සෞඛ්‍ය සේවාවන් සැපයීමේ ගැටලු ගණනාවක් මතු වී ඇත.
ඉන්ධන අර්බුදය හමුවේ රෝහල් පද්ධතිය අකර්මන්‍ය විමේ අවදානමක් මතු වී තිබියදීත් එය නොතකමින් ගැටලුව විසඳීම මඟහැරීමේ රජයේ ස්ථාවරය තුල ගම්‍ය වන්නේ රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීමේ වගකීම ඕනෑකමින්ම රජය පැහැර හරිමින් සිටින බවද යන සැකය මතු වන අතර මේ පිළිබඳව ජනතාව වගකිවයුත්තන්ගෙන් වහාම ප්‍රශ්ණ කල යුතුව ඇත.
එළඹෙන සති අන්තය තුලදීවත් වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රාජකාරියට පැමිණීම සඳහා ඉන්ධන සහ ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් රජය විසින් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කල යුතු බව අවධාරණය කරමු.
එළඹෙන පැය 48 තුල මෙම ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝහලට නොපැමිණිම තුල එළඹෙන සඳුදා දිනයේ සිට රෝහල් පද්ධතියේ සෞඛ්‍ය සේවාවන් අඩාල වීම, සීමා වීම හෝ නතර වීම වැළැක්විය නොහැකි වනු ඇත.
පවතින තත්ත්වය සහ ප්‍රවණතාවයන් සමීපව නිරීක්ෂණය කරමින් සහ අඛණ්ඩව විශ්ලේෂණය කරමින් සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සහ තීරණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එහිදි ඉදිරි පැය 48 ක කාලය අතිශයින් තීරණාත්මකය.
මෙරට රෝහල් පද්ධතිය අඛණ්ඩව පැය 24 පුරා පවත්වාගෙන යාමට නම් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝහලට පැමිණිය යුතු අතර ඊට බාධාවක් වී ඇති ඉන්ධන අර්බුදය විසඳීමේදි සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් ප්‍රමුඛ කරුණක් සේ සලකා ගැටලුව විසඳීමට වගකිවයුත්තන් වහාම මැදිහත් විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර මෙම අර්බුදය හමුවේ තම වගකීම පැහැර හැරීම තුල අවදානමට ලක් වන ජන ජිවිත සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය ඇතුලු වගකිවයුත්තන් භාර ගත යුතුය.

හොඳට ව්‍යායාම ටිකක් කරලා, වතුර ටිකක් වැඩියෙන් බීලා, පළා වර්ග, කොළ මැල්ලුම්, එළවලු ටිකක් වැඩියෙන් කාලා, පාන් පිටි අඩු කරලා, රෑට කන එකත් අඩු කරලා, ටිකක් ශරීර සෞඛ්‍යය ගැනත් හිතන්ඩ හොඳ කාලයක්. මේ වෙනකොට පෞද්ගලික අංශයේ සැලකිය යුතු පිරිසකුත් බදාදා නිවාඩු දීල තිබෙනවා. අනික් බොහෝ පෞද්ගලික ආයතන දුරස්ථ සේවා අනුමත කරලා තියෙනවා. රජයේ සියලුම ආයතන පාහේ බදාදා නිවාඩු. ඉතින් මේ කාලය වෙස්වලාගත් ආශිර්වාදයක් සේ සලකා තමන්ගේ ශරීර සෞඛ්‍යය දියුණු කර ගන්ඩ කටයුතු කරන්ඩ. ලැබුණු කාලය සමාජ මාධ්‍ය වල එහෙම නැත්නම් ටීවී ඉස්සරහා, නැත්නම් නිදාගෙන නහස්ති කරන්ඩ එපා. රජය මේ අවස්ථාව සීරුමාරුවෙන් කළමණාකරණය කරගෙන යනවා. ගෝඨා වගේ පිස්සු කෙලින් නෑ. ඒ නිසා ඒ ගැන වද වෙන්ඩ එපා.
ReplyDeleteඅද තියෙන්නෙ ත්‍රස්තවාදීන් සහිත විපක්ෂයක් නොවන නිසා ඩයි මයිනා හොරට දාගත්ත පච නමකින් පිස්සු දොඩවනව
ReplyDelete