නුවරඑළීය දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාරිකයන් නගා සිටුවීම සදහා 5%ක අඩු පොලියට හීනවන ශේෂ ක්‍රමයට වසර 10කින් ගෙවීමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට කර්මාන්ත අමාත්‍යාංශය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
නුවරඑළිය ප්‍ර දේශයේ එවැනි කුඩා කර්මාන්ත ව්‍යාපාරයේ යෙදි සිටින ව්‍යාපාරිකයන් දැනුවත් කිරිම නුවරඑලිය ලංකා බැංකු ශාඛා ශ්රවණෘගාරයෙදි සිදු කෙරිණ.
එම දැනුවත් කිරිමේ වැඩි සටහනේදි අදහස් දැක්වූ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂක ඒ.ජී.බණ්ඩාර මහතා කියා සිටියේ,
“අපි දන්නවා මේ වෙනකොට රටේ ආර්ථික පිබිදීමක් තියනවා. මේ පිබිදීමත් එක්ක රටේ කර්මාන්ත අමාත්‍යාංශය යෝජනා කරලා තියනවා, නව ණය යෝජනා ක්‍රමයක් 5%ක වගේ අඩු පොලි ප්‍රතිශතයකට, හීනවන ශේෂ ක්‍රමයට, වසර 10කින් වගේ ගෙවන්න. කර්මාන්තකරුවන් නගා සිටුවන්න, විශේෂයෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය නගරයේ, සංචාරක නගරයක්, සංචාරක ගමනාන්තයක්. ඉතින් මෙකේ කර්මාන්ත ක්ෂේස්ත්රයට අදාළ විවිධ සේවා සපයන කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට මේ ණය යෝජනා ක්‍රමය මගින් අවශ්‍ය පහසුකම් සැපයීම තමයි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූලික කාර්යභාරය.
අද අපි කථා කරන්නේ ලංකා බැංකුවත් එක්ක. අපි වාණිජ බංකු සහ විවිධ බැංකු විශාල ප්‍රමාණයක් සමග කර්මාන්ත අමාත්‍යාංශය මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා.
දැනට අපි දන්නවා නුවරඑලිය දිස්ත්‍රික්කයේ 2016 සංගණනයට අනුව 24000ක පමණ වගේ ව්‍යාපාර තමයි තියෙන්නේ. ඉතින් මේ 24000ක් වගේ ව්‍යාපාර වලිනුත් කර්මාන්ත ක්ෂේස්ත්රයට විශේෂයෙන් ඉදිකිරිම්, නිෂ්පාදන සහ සේවා වලට අයත් වෙන්නේ 40%ක් වගේ.
මෙන්න මෙ සියලුම දෙනා ආවරණය වෙන්න තමයි අපේ මේ සැළසුම ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
කර්මාන්ත අමාත්‍යාංශය තමයි මුදල් අමාත්‍යාංශයෙන් මෙම මුදල් වෙන් කරගෙන තියෙන්නේ. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ව්‍යවසායක සංවර්ධන අධිකාරිය ආදී විවිධ ආයතන නිර්දේශ කරන ව්‍යවසායකයින් සදහා පමණක් මෙම ණය මුදල ලබා ගන්න පුළුවන් අපේ නිර්දේශ අනිවාර්යයි.” යනුවෙන් පැවසීය.
- රංජිත් රාජපක්ෂ

අනිත් දිස්ත්‍රික්ක?
ReplyDeleteඋන්ට ණය දෙනවා. උන් ණය ගෙවගන්න බෑ කියලා සහනේ ඉල්ලනවා. සක්කිලි බදු වැඩි කරනවා.
ReplyDelete