ණයට දෙන්න බිලියන 87ක් තියෙනවා..- හදුන්නෙත්ති


මධ්‍යම පළාතේ ව්‍යවසායකත්ව විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ මාතලේ දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය (MDCCIA) ඒකාබද්ධව සංවිධානය කළ "මධ්‍යම පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, සුනාමි ව්‍යසනය, කොවිඩ් වසංගතය සහ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වුවද නොසැලී සිටි මෙරට ව්‍යවසායකයින්ගේ ශක්තිය ජාතික ආර්ථිකයේ පදනම බවයි. 

ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රායෝගික බාධා ඉවත් කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළේය.

ඒ අනුව, ව්‍යවසායකත්ව ණය පහසුකම් සඳහා 2025 වසරේදී රුපියල් බිලියන 87ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවත්, කර්මාන්ත සඳහා ඉඩම් ලබාගැනීමේ පවතින ගැටලුවලට විසඳුම් ලෙස 'ඉඩම් බැංකුවක්' (Land Bank) ස්ථාපිත කරන ලෙස දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, අල්ලසින් සහ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව බලපත්‍ර ලබාගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් යුත් 'එකම පියසක සේවා මධ්‍යස්ථානයක්' (One-Stop Center) කඩිනමින් ස්ථාපිත කරන බව ද ඔහු සහතික විය.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්ෂේත්‍ර කිහිපයක් යටතේ ව්‍යවසායකයින් 55 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ. විදේශ විනිමය ඉතිරි කර ගැනීමට දායක වන ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා ඉදිරි වසරේ සිට "හොඳම ආනයන විකල්ප කර්මාන්තය" වෙනුවෙන් විශේෂ සම්මානයක් හඳුන්වා දෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, NEDA ආයතනයේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව සහභාගී වූහ.

3 Comments

  1. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති purchased new Land cursor Prado worth over 100M

    ReplyDelete
    Replies
    1. ඔයාට පාන්ද? 🍞

      Delete
    2. පාන් නෙමෙයි බන් පුක්රුදේ චුන් . වෙස දොබියා

      Delete
Previous Post Next Post