දිවයින පුරා පවතින දැඩි නියඟය හමුවේ ඉදිරි සති කිහිපය තුළ දෛනික ජල සැපයුම පැය කිහිපයකට අත්හිටුවීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, දැනට ක්‍රමානුකූලව ජලය නිකුත් කළ ද පවතින වියළි කාලගුණය දිගින් දිගටම පැවතුණහොත් දවස පුරා අඛණ්ඩව ජලය සැපයීම අභියෝගාත්මක වනු ඇති බවයි.
අඹතලේ ඇතුළු ප්‍රධාන ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන කටයුතු තවමත් සාමාන්‍ය පරිදි සිදු වේ.
උස්බිම් ප්‍රදේශවලට ජලය නිකුත් කිරීමේදී පීඩනය අඩුවීමේ ගැටලු දැනටමත් මතුව තිබේ.
අඩු පීඩනයක් සහිත ප්‍රදේශවල ජනතාවගේ පහසුව සඳහා මේ වන විටත් බවුසර් මඟින් ජලය බෙදා හැරීම ආරම්භ කර ඇත.
ඉදිරියේදී වර්ෂාව අපේක්ෂා කළ හැකි වුවද, පවතින ජල සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Cloud seeding options as this is the only solution
ReplyDelete