අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මේ වන විට දියත් කරනු ලබන සිසු සැරිය බස් රථ සේවාව වඩාත් විධිමත් කිරීම සඳහා මෙම 2026 වසරේ දී පියවර රැසක් ගෙන ඇති බවත් ඒ සඳහා නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක් කිරීමට නියමිත බවත් ඉසුරුපාය පරිශ්‍රයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරන ලදි.
මෙහි දී පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමඛතාවක් සේ සලකා ක්‍රියා කරන බවත් මේ වසරේ දී ඒ වෙනුවෙන් රුපියල් බිලියනයක පමණ වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවත්ය.
මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වන විට ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව '' සිසු සැරිය '' පාසල් බස් රථ සේවය වඩා විධිමත්ව පවත්වා ගෙන යමින් පාසල් දරුවන්ට කායික මානසික පීඩාවකින් තොරව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නියැලීම සඳහා පාසලට සුරක්ෂිතව යා හැකි ක්‍රමවේද හැකි පමණ සකස් කර ඇති බවත් එය ඉදිරියේ දී තව දුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ය.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා සහ එහි සැලසුම් අධ්‍යක්ෂ ආලෝකා කරුණාරත්න මහත්මිය පෙන්වා දුන්නේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට ඵලදායී සේවයක් සැපයීම අරමුණු කොට ' සිසු සැරිය' පාසල් බස් රථ සේවය තව දුරටත් විධිමත් කිරීමට අදාළ නව ක්‍රියාමාර්ග රාශියක් මේ වන විටත් දියත් කෙරෙමින් පවතින බවයි. එහි ප්‍රධාන කරුණක් ලෙස පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවා නිසි ලෙස ප්‍රමිතිගත කිරීමට නීතිමය වශයෙන් තිබූ අවහිරතාව ඉවත් කිරීම පෙන්වා දෙනු ලැබූ අතර, එමගින් එම රථවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුදු භාවය හා රිය සහායක පිළිබඳ තොරතුරු ආදී වශයෙන් යම් නීතිමය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ පිළිබඳ අන පනත් කෙටුම්පත් කරමින් පවතින බවත් මෙහි දී ප්‍රකාශ කෙරිණි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ " සිසු සැරිය " බස් රථ සේවාව දීප ව්‍යාප්තව ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා පෞද්ගලික බස් රථ සහ කුඩා මට්ටමේ ආරක්ෂිත වාහන හිමියන්ට ද ආරාධනා කරන බවයි. මෙහි දී ආසන්නව ම ඇති ගමනාගමන මණ්ඩලයට හෝ ලංගම කාර්යාලයකට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් ඒ සඳහා දායක විය හැකි බව සඳහන් කෙරුණු අතර, පාසල්වල ප්‍රවාහන අපහසුතා ඇති සිසුන් සිටී නම් ඔවුන් පිළිබඳ විදුහල්පති මාර්ගයෙන් ඉහත ආයතන දැනුම්වත් කිරීමෙන් මෙම පහසුකම් සලසා දිය හැකි බවත් වැඩි දුරටත් දන්වනු ලැබී ය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීහු සහභාගී වූහ.
