පික්මී රියදුරෙකුට එලව එලවා පහර දෙයි...


නාවලපිටිය සොයිසාකැලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක් අසලට පෞද්ගලික යෙදවුමක්
(pickme app) ඔස්සේ ගෙන්වාගත් ත්‍රිරෝද රථයක රියදුරුට පිරිසක් පහරදී බරපතල තුවාල සිදු කරයි.

මෙසේ පහර කෑමට ලක්වී ඇත්තේ නාවලපිටිය සොයිසා කැලේ ප්‍රදේශයේ පදිංචි එම්.ශන්මුගම් නැමති 50 හැවදි ජංගම දුරකථන යෙදවුමක් මගින් කුලී ත්‍රිරෝද කාරයක් පදවන තිදරු පියෙකි.

(28) දින සවස ඔහුට ලැබුණු කැඳවීමකට අනුව නාවලපිටිය සොයිසකලේ පාරේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක් අසලට ගිය විට කුලී ගමන යාම සඳහා ත්‍රී රෝද රථයට පුද්ගලයන් 05 දෙනකු ගොඩවීමට උත්සාහ දරා ඇත. ඒ අවස්ථාවේදී රියදුරු විසින් තම රථයේ ප්‍රවාහනය කළ හැක්කේ මගින් තිදෙනකු බවත්, එයට වැඩි පිරිසක් ඇත්නම් යෙදවුම අවලංගු කරන ලෙසත් දන්වා ඇත. ඉන් උරන වූ එහි සිටි පිරිස තමාට අමානුෂික ලෙස පහර දුන් බවටයි රියදුරු නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතාකාර ලබන කුලී රථ රියදුරා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

උත්සව ශාලාවේ දොරටුවේ සිට මීටර් 30ක් පමණ දුරට තමාට පහර දෙමින් ලුහුබැද පහර දුන් බව රියදුරු රෝහල් පොලිසියට ප්‍රකාශ කර ඇත.

උත්සව ශාලාවේ හිමිකරුගේ පුතුන් දෙදෙනා විසින් අවට ප්‍රදේශවාසීන් සමග එක්ව ගැටුම සම්බන්ධයෙන් 119 ඔස්සේ නාවලපිටිය පොලිසියට දැනුම් දි ඇත.

තම පියාට තිස් දෙනෙකු පමණ පිරිසක් එක්ව වට වී පහරදී තුවාල සිදු කළත් (28) දින රාත්‍රියේ තිදෙනෙකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කළත්, (29) දින උදෑසන තමා පොලිසියට ගොස් ඒ පිළිබඳ සොයා බැලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගම්පොළ රෝහලට ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය මගින් තමන්ට දැනුම් දුන් බවයි පහර කෑමට ලක් වූ රියදුරාගේ පුත්‍රයා කියා සිටින්නේ.

නාවලපිටිය පොලිසිය මගින් එම තුවාලකරුවන් තිදෙනා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කල බව පැවසුවද එම සැකකරුවන් තිදෙනා ‍ගෙන් තිදෙනෙකු එම සැකකරුව්නගේ ඥාතීන් සමග පැමිණ (29) දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසකිව ප්‍රතිකාර ලබන බවයි පහර කෑමට ලක් වූ රියදුරාගේ පුත්‍රයා වැඩිදුරටත් කියා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. මුන්ව ජීවිතාන්තෙ දක්වා හිරේ දාන්න ඕන.පික් මී සාදාරන විදියට අය කරන්නෙ. රටක තරගකාරිත්වය දන්නෙ නැති හිවලුන්ගෙ වාහන රාජසන්තක කරන්න ඕන.

    ReplyDelete
  2. දැන් අධිකරණයත් ගමේ නෙ. හා නැද්ද?

    ReplyDelete
Previous Post Next Post