හෝමුස් හරහා ඔබේ තෙල් ලබාගනු.. අපි එය කරන්නෑ..- ට‍්‍රම්ප් මිත‍්‍ර රටවලට බැණවදී..

 


ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන යුද මෙහෙයුම් සඳහා සහය නොදැක්වීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමීපතම මිත්‍ර රටවල් වන බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ. 

අනාගතයේදී එම රටවල් මුහුණ දෙන අර්බුද හමුවේ අමෙරිකාව තවදුරටත් සහයට නොපැමිණෙනු ඇති බවට ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.

ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ ක්‍රියාකලාපය විවේචනයට සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහන් කිහිපයක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය වෙත යුද ආධාර රැගෙන යන ගුවන් යානා වලට ප්‍රංශය සිය ගුවන් සීමාව භාවිතා කිරීමට අවසර නොදුන් බවයි. 

"ප්‍රංශය ඉතාමත් අසහයෝගී ලෙස කටයුතු කර තිබෙනවා, අමෙරිකාව මෙය මතක තබා ගනු ඇත" යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.

එමෙන්ම, ඉරානය විසින් දැනට වසා දමා ඇති ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ මෙහෙයුම් වලට මැදිහත් නොවීම සම්බන්ධයෙන් ඔහු බ්‍රිතාන්‍යය ද දැඩි ලෙස විවේචනය කළේය. 

"බ්‍රිතාන්‍යය වැනි රටවලට ඉන්ධන අවශ්‍ය නම්, දැන්වත් ධෛර්යය උපදවාගෙන සමුද්‍ර සන්ධිය වෙත ගොස් එය ලබා ගන්න" යැයි ඔහු පවසා ඇත.

"ඔබ වෙනුවෙන් සටන් කිරීමට දැන් ඔබම ඉගෙන ගත යුතුයි" මිත්‍ර රටවල් අමෙරිකාව වෙනුවෙන් පෙනී නොසිටි බැවින්, මින් ඉදිරියට ඔවුන්ට උදව් කිරීමට අමෙරිකාව ඉදිරිපත් නොවන බව ට්‍රම්ප් අවධාරණය කළේය. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද ප්‍රකාශ කළේ, ලෝකයේ අනෙකුත් රටවල් ද තමන් වෙනුවෙන් සටන් කිරීමට දැන් ඉගෙන ගත යුතු බවයි. 

විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වැනි බලවේග මෙවැනි තීරණාත්මක අවස්ථාවන්හිදී ක්‍රියාත්මක විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

නේටෝ සංවිධානයටත් දොස් නේටෝ (NATO) සංවිධානය මෙම ගැටුමේදී අමෙරිකාවට සහය නොදැක්වීම "ඉතා මෝඩ තීරණයක්" බව පවසා ඇති ජනාධිපතිවරයා, අමෙරිකාවට ඔවුන්ගේ අවශ්‍යතාවයක් නැතත් මිත්‍රත්වයේ පරීක්ෂණයෙන් ඔවුන් අසමත් වී ඇති බව සඳහන් කළේය.

පෙබරවාරි මස අග භාගයේ ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගල්ෆ් කලාපීය තෙල් සහ ගෑස් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇත. 

ඉරානය එම මාර්ගය විවෘත නොකළහොත් ඔවුන්ගේ පානීය ජල පවිත්‍රාගාර ඇතුළු සිවිල් යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කරන බවටද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.

4 Comments

  1. අනුන්ගේ පුකවල් වල ඇඟිල්ල ගහලා ඊට පස්සේ ගඳයි ගඳයි කියන තොට හොඳ වැඩේ

    ReplyDelete
  2. "පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයායෑම" ග්‍රන්ථය එලිදැක්වීමේ සජීව විකාශනය දැන් යූටියුබ් එකේ නරඹන්න.

    ReplyDelete
  3. AKD ge boka kana pakayonge mole kakka tiyenne ban

    ReplyDelete
Previous Post Next Post