කොත්මලේ ගැරඩි ඇල්ල රක්ෂිතයෙ (07) දින ගින්නක් හට ගෙන ඇති බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
කොත්මලේ ගැරඩි ඇල්ල ඉහළ කදු මුදුණේ රක්ෂිතයේ හට ගත් ගින්න පවතින වියලි කාලගුණයත් සමග සීග්‍රෙයන් පැතිර යන බවත්, ගින්න හටගෙන තිබෙන ස්ථානයට ලගා විමට නොහැකි නිසා ගින්න පාලනය කිරිමට ගුවන් හමුදවේ සහය ඉල්ලා ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ගැරඩි ඇල්ල රක්ෂිතයේ හට ගත් ගින්නෙන් මේ වන විට රක්ෂිතයෙ අක්කර ගණනාවක් ගිනිගෙන විනාශ වී ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
- රංජිත් රාජපක්ෂ
